බේරුවල මුස්ලිම් පල්ලි ප්‍රධානියාගේ නිරෝධායනය වන නිවසේ මියගිය කත හොරෙන්ම වළදමයි..!

පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට හඳුනා ගැනීමත් සමඟ නිරෝධායනයට ලක්කර තිබූ බේරුවල චීනකොටුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක ප්‍රධානියෙකුට අයත් නිවසක මියගිය 78 හැවිරිදි කාන්තාවක් හොර රහසේම වළදමා තිබීමේ සිද්ධියක් පිළිබඳව බේරුවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.

මෙම නිවසේ හිමිකරු ඉකුත් 11 වැනිදා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට පැමිණ නිවසේ උත්සවයක් ඇති බවට පවසා ඒ සදහා අවසර දෙන ලෙස. ඉල්ලීමක් කර තිබේ. මෙම නිවසේ උණ රෝගීන් සිටින බවට කිසිවෙකු විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයට දුරකතන ඇමතුමක් දී ඇත්තේ ඒ අතරතුරය.

මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙම නිවසේ විසූ පහළොස්දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් සිව් දෙනෙකු කොරෝනා ආසාධිතයින් බවට තහවුරු වී තිබේ.

ඒ අනුව එම නිවසේ පිරිස නිරෝධායනයට ලක්කර තිබූ බවත් ඒ අතර කාලය තුල දිනක සවස 4ට මියගිය කාන්තාව රාත්‍රී 8 වනවිට හොරරහසේ වළ දමා තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ අතර මේ පිළිබඳව තොරතුරු ලැබී ඇති බව කියමින් අක්කරගොඩ ග්‍රාම නිලධාරීවරයාද බේරුවල පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබේ. මෙම සිද්ධියට අදාළ් පුළුල් පරීක්ෂණ කිරීම සඳහා පොලීසියට හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට එම නිවස නිරෝධායනය කර තිබීම බාධාවක් වී ඇත.

බේරුවල පොලීසිය මේ පිළිබඳව ඊයේ(21දා) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

කලුතර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

පයාගල – සුජිත් මාරියෝ
මව්බිම (2020.12.22)

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *