ගෝඨා පඹයෙක් නෙමෙයි පඹගාලක්..! රට විනාශයි..! උපුල් මාලේවනගෙන් දැඩි ප්‍රහාරයක්..!

මල් නම් ජයරත්න – ජයරත්න නම් මල් වගේ තමයි බන්ධනාගාරයක ඝාතනයක් සිදුවුනොත් ඒක පිටුපස්සේ අනිවාර්යයයෙන්ම ඉන්නේ රාජපක්ෂලා යැයි එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආචාර්ය උපුල් මාලේවන මහතා පැවසීය.

අප සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකලේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා…

බලන්න අර මහර බන්ධනාගාරයේ ඝාතනය වෙච්චි 11 දෙනාම ඝාතනය කරලා තියෙන්නේ වෙඩි තියලා. අද වෙද්දි මේක සමහර නූගත් මිනිස්සුන්ට සාමාන්‍ය තත්වයක් විදියට පෙනුනට ශ්‍රි ලංකාව කියන්නේ ජාත්‍යන්තර ප්‍රඥාප්ති වලට අත්සන් කරපු රටක්. බුද්ධිය අඩු සමහරක් මේකට ඔල්වරසන් දුන්නට ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නට එක්සත් ජාතින්ගේ සංවිධානය සමග ගිවිසුම් ගතවෙලා ඉන්න රටක් හැටියට සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකින්න රටක් හැටියට අපි බැදිලා ඉන්නවා. ලෝකයත් සමග ගණුදෙනු කරද්දි රටක ප්‍රමිතිය ඉතා වැදගත්. මේ වගේ සිදුවීම් හින්දා අපේ රටේ ප්‍රමිතිය දිනෙන් දින පිරිහෙනවා.

ඉන්ටපෝල් පොලිසිය මගින් ලංකාවට ගෙනාපු සිරකරුවෝ පවා මහමගදී වෙඩි තියලා ඝාතනය වෙනවා. මේ වගේ සිදුවීම් හින්දා ලංකාවට චෝදනා එල්ල කරන ඩයස්පෝරාවට සහ රාජ්‍ය නොවන සංවිධාන වලට පවා උත්තේජනයක් ලැබෙනවා.

රාජපක්ෂලට බලයට ආපු ගමන් කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පහර ගැසීම්. බලන්න ඒ කාලේ සිදුවෙච්චි

  1. ශිරාණි බණ්ඩාරණායක තනතුරින් පහ කිරීම
  2. වතුර ඉල්ලපු රතුපස්වල මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවා.
  3. අයිතීන් ඉල්ලපු ධීවරයන්ට වෙඩි තිබ්බා.
  4. රූපවාහිනි නාලිකා ගිණි තිබ්බා.
  5. දේශපාලන විරුද්ධවාදින් ඝාතනය කළා වගේ සිදුවීම් නොවේද මේ යලිත් සිදුවන්නේ. අපිට පැහැදිලිව පේනවා රට යන්නේ කොතනටද කියන දේ.

මොවුන්ගේ මේ ක්‍රියාවල ප්‍රතිඵලය අවසාන වශයෙන් ලෝකයත සමග ගණුදෙනු කරන අනාගත පරම්පරාවට බාධක නිර්මාණය වීම. ඒක කෙතරම් අවාසනාවන්ත තත්වයක්ද? ඉතිහාසයේ ශ්‍රි ලංකාව ගැන විදේශිකයන්ගේ තිබුනු යහපත් ආකල්ප සියල්ල අද වෙද්දි විනාශ වෙලා. විදේශිකයෝ ආයෝජනය කරන්න කැමති නෑ මේ වගේ රටක් එක්ක.

පාසල් වැහිලා බන්ධනතාගාර වැඩිවෙලා මාධ්‍ය නාලිකා කියන දේවල් විශ්වාස කරන නූගතුන් බිහිවීමේ භයානක ප්‍රතිඵලය කපටි දේශපාලකයන් බලයට පත්වීම බවද මාලේවන මහතා වැඩිදුරටත් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *