වැලේ වැල් නැති නන්දසේන ජනපතිගේ ආණ්ඩුව අද පළිගු මැණිකේ වගේ..! උපුල් මාලෙවන

එදා නන්දසේන රාජපක්ෂ ජනාධිපතිවරයා තම වේදිකාව තුල උජාරුවෙන් කතාකළ රට විරුවන් හෙවත් විදේශගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් මේ වෙද්දි ඉන්න හිටින්න කන්න බොන්න පවා නොමැතිව තම ආත්ම ගරුත්වය පවා අහිමි කරගනිමින් අන්ත දුක්විදින තත්වයකට වැටි ඇති අවස්ථාවක ඔවුනගේ දුක් අදෝනා නොසලකා හැර යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්විමට ප්‍රමුඛත්වය ලබාදීම ඉතා කණගාටුදායක තත්වයක් බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සීතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආචාර්ය උපුල් මාලේවන මහතා පවසයි.

අප සමග රටේ පවතින තත්වය පිළිබදව විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකලේය. වැඩිදුරටත් අදහස් දැක්වු මාලේවන මහතා..

අපේ රට විරුවන් කායිකවත් මානසිකවත් දහසකුත් එකක් පීඩා විදිමින් උපයන සියළු ධනය මාස්පතා ශ්‍රි ලංකාවට එවමින් රටේ විදේශ විනිමය ආදයමෙන් වැඩි කොටසක් ඔවුන් රටට උපයා දෙන්නේ තම දරුමල්ලන් වෙනුවෙන් උනත් එහි ප්‍රතිඵල වශයෙන් රටේ ආර්ථික වර්ධනය සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම සිදුවන බව සදහන් කළ යුතු කරුණකි.

නමුත් වර්තමාන රජයේ ඇති පටු ආකල්ප සහ යටි අරමුණු වෙනුවෙන් ප්‍රමිතියක් නැති රටකින් සංචාරකයන් හැටියටත් පුරගණන් හැටියටත් යුක්‍රේන වැසියන් නම්කර ගෙන්වීම තුල ඇත්තේ වෙනත් අරමුණක් බව ඉතා පැහැදිලිය.

මේ වනවිටත් යුක්රේනය තුල කොරෝනා වෛරසයේ ප්‍රබේද 05කට අධික ප්‍රමාණයක් සක්‍රියව පවතින අතර යුක්රේනයේ වැඩි කොටසක් අක්‍රියව පවතී. එම රට ලෝක වර්ගීකරණයේ පහතම අඩියට වැටී ඇති රටක් වන අතර එම සංචාරකයන් හට අඩුම වශයෙන් ඩොලර් 2000ක මුදලක් හෝ වියදම් කිරිමට ආර්ථික ශක්තියක් නැත. නමුත් අප රට විරුවන් දහඩිය මහන්සියෙන් හරිහම්බ කරන සියළු විදේශ මුදල් රට තුලට එවා මේ රටේ ආර්ථිකයට ලබාදුන් දැවැන්ත ශක්තිය වර්තමාන රජය විසින් අද වෙද්දි අවතක්සේරුවට ලක්කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදි රටවිරුවන් නන්දසේන මැතිතුමා දිනවීමට පැමිණියේ අපට රටක් ඕනේ කියන වැකිය උස් හඩින් ප්‍රකාශ කරමිනි. නමුත් නන්දසේන මැතිතුමා මේ වනවිට රට විරුවන්ට රට තුලට පැමිණිමටවත් නොහැකි රටක් නිර්මාණය කර ඇත.

අද රටේ සැබෑ ප්‍රශ්ණ මගහැරිමට හිටිහැටියේම රත්තරන් නිදි මතුවීමත් පොලොවෙන් මතුවන පළිගු වලට විශාල අගයන් නියම කිරිමත් වර්තමානයේ නීති විරෝධි මත්ද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ ගොස් ඇති මාධ්‍ය තුලින් ප්‍රකාශ කිරීම වැනි කරුණු යොදාගෙන වර්තමාන රජය රටේ ප්‍රධාන ප්‍රශ්ණ යටපත්කිරිමේ අසාර්ථක උත්සහයක නිරත වුවද ජාත්‍යන්තර වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන් අපේ රට තාප්පයට හේත්තු වන තත්වයක් අද වනවිට නිර්මාණය වී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදයෙන් මිදි රට මිලිටරිකරණය වෙත ගෙන යාමත් අද වන විට කැපි පෙනෙන තත්වයකි. ඒ තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන, අප සමග ගණුදෙනු කළ සුවිශේෂි රටවල් ආණ්ඩුවේ වර්තමාන වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරමින් අපෙන් ඇත්ව යන අතර චීනය වැනි කළුකඩ මුදලාලිලා අප රටට ඉහළින් හිස ඔසවා වැස්සෙන් ආරක්ෂා කර සෙම්ප්‍රතිශ්‍යාව වැළදිමෙන් බේරාගැනිමට ඉදිරිපත්ව සිිටියත් රටක් වශයෙන් සලකන කළ අපට වැළදී ඇත්තේ නියුමෝනියාව නිසා අපි ජාතියම චීන මහා ප්‍රාකාරයට හේත්තු වන දවස අතළග බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *