සර් ෆේල්..! කොරෝනා පාලනය ගිලිහී අවසන්..! උකුසු පැණිය ගේට්ටුවේ එල්ලනවා – ඇමති දයාසිරි

අද වන විට මෙරට තුල කොරෝනා පාලනය ගිලිහී අවසන් බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කොරෝනා පාලනය යනු දැන් අතිශය අභියෝගාත්මක තත්ත්වයක් බවත් රජයට මෙය පාලනය කර ගැනීමට අපහසු බවත් ඔහු කියා සිටියි.

තම ඉල්ලීම නම් දැන් කොරෝනා ආසාදිතයන් නිවෙස්වලම නිරෝධායනයට ඉඩ සැලැස්වීම බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ අන්තර්ජාල නාලිකාවක පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

කොරෝනා සුවපත් වීම සදහා තමන් කිසිවකුගේ පැණියක් නොබිවු බව පැවසූ ඔහු තමන් වෙනුවෙන් ගෙන එන ලද පැණි ගෙදර ගේට්ටුවෙ එල්ලන යැයි පැවසූ බවද සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *