ජනපති නන්දසේන යලිත් දණ නමයි..! මානව හිමිකම් පිළිබද හොයන්න ත්‍රි පුද්ගල කමිටුවක් පත්කරයි..!

මෙරට සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ සොයා බලා ඒ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ති‍්‍රපුද්ගල කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා.ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ එච් එම් ඞී නවාස්ගේ සභාපතිත්වයෙන් යුතුවයි. 

විශ‍්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප‍්‍රනාන්දු, විශ‍්‍රාමික දිස්ති‍්‍රක් ලේකම් නිමල් අබේසිරි එම කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස පත්කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ රාති‍්‍රයේදීයි.

ශී‍්‍ර ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ යෝජනාවන්හි සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකා රජය තීරණය කළා. එම තීරණය පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙනු ලැබුවා.

එම යෝජනාවල සම අනුග‍්‍රාහකත්වයෙන් ඉවත් වුව ද, තිරසාර සාමයක් හා සංහිඳීයාවක් දිනා ගැනීම සඳහා වගවීම හා මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රතිපත්තිය වන බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. 
 
ඒ අනුව මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳව මීට පෙර පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු මගින් සිදු කරන ලද විමර්ශනයන්හිදී බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණය වීම්, මානුෂීය නී‘ති කඩකිරීම් වැනි  බරපතල සිද්ධීන් අනාවරණ කරගෙන තිබේද යන්න සොයාබලා ඒ සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න තීරණය කිරීම මෙම කොමිසමට පවරා තිබෙනවා. කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මාස 06 ක් ඇතුළත ලබාදෙන ලෙසටයි අදාළ ගැසට් නිවේදනය මගින් නියම කර ඇත්තේ. 

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *