පසුපෙළ දඩ බල්ලන් වහා බැද දමනු..! රාජ්‍ය නිලධාරීන් පොහොට්ටු ආණ්ඩුවට එරෙහිව මාධ්‍ය හමුවක..!

දඩ බල්ලන් ලෙසින් කටයුතු කරමින් රාජ්‍ය නිලධාරින් දැඩි අපහසුතාවට පත් කරන රජයේ පසුපෙළ මන්ත්‍රීවරු බැඳ නොදැම්මොත් එහි අනිටු ප්‍රතිඵල රජයට ඉතා නුදුරේදීම දැකගත හැකි බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනය අවධාරණය කරයි.

මහනුවර දී (06 වැනිදා) පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුමිත් කොඩිකාර එසේ කීය.

රජයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් මේ වන විට රාජ්‍ය නිලධාරින් මර්දනය කිරීමේ දැවැන්ත, පහත් ක්‍රියාවලියක නිරත වෙමින් පසුවන බවද ඔහු කීය.

ඒ මහතා මෙසේද පැවැසීය.

‘පසුගියදා චමල් රාජපක්ෂ, ජනක තෙන්නකෝන් අමාත්‍යවරුන් හමු වී ඇති රාජ්‍ය පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරිවරුන්ට එරෙහිව දැඩි චෝදනා එල්ල කරලා තිබෙනවා.

ඔවුන්ගේ චෝදනාව තමයි රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා අනුව නොව රජයේ ප්‍රතිපත්ති මත පමණක් කටයුතු කරනව කියන එක දේශපාලනඥයන්ගේ කටුයුතුවලට, ඔවුන්ගේ අත්තනෝමතික ඉල්ලීම්වලට අවනත නොවන මේ රාජ්‍ය නිලධාරින් පිිරිසක් වහාම ස්ථාන මාරුකරන ලෙසද මේ පසුපෙළ මන්ත්‍රීවරු තරයේ ඉල්ලීම් කර තිබෙනවා’

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *