අර්බුද මැද මෝදි අතට ගිය ලංකාවේ රහස් ලියවිල්ල මෙන්න..!

මෙරට ජීවත් වන දෙමළ, මුස්ලිම් ජනතාවගේ පොදු අභිලාෂ ඇතුළත් කරමින් සකස් කොට ඇති ලේඛනයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අස්සන් නොකළද එය නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට භාරදීමට නියමිත බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

කෙසේ වෙතත් අදාළ ලේඛනයට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ නායක සී.වී. විග්නේශ්වරන්, ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්ෂයේ නායක එන්. ශ්‍රීකාන්තා, ප්ලොට් නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ධර්ලිංගම් සිද්ධාර්ථන්, ටෙලෝ නායක සෙල්වම් අඩෙක්කලනාදන්, ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා යන මහත්වරු අස්සන් තබා ඇත.

මෙම ලේඛනය සකස් කිරීමේ ආරම්භක සාකච්ඡාවලට වඩාත් සහාය දැක්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ මනෝ ගනේෂන් යන මහත්වරු මෙතෙක් අස්සන් තබා නොමැති වුවත් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිත එම පක්ෂවල දේශපාලන මණ්ඩල රැස්වීම්වලින් පසුව එම ලේඛනයට අස්සන් තැබීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දෙ.ජා.ස මන්ත්‍රිවරයකු පැවැසුවේ ජාතික ගැටලුවට එක්සත් රාජ්‍ය සංකල්පය වඩාත් උචිත බවත් ඒ යටතේ අර්ථාන්විත බලය බෙදා හැරීමක් අවශ්‍ය බවත් එවැනි විසඳුමක් වෙනුවෙන් ඉන්දීය රජය ශ්‍රී ලංකා රජය වෙත බල කළ යුතු යැයි යන්න ප්‍රධාන වශයෙන් මෙම ලේඛනයෙන් ඉල්ලා තිබෙන බවත්ය.

ජනවාරි මැද සිට රටේ ඉන්ධන හිඟයක්!

ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා.

ඒ පිළිබඳ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද අදහස් පළ කර තිබුණා.

ඉන්ධන ආනයනය සදහා ප්‍රමාණවත් විදේශ විනිමය නොමැති වුවහොත් ජනවාරි මැද සතිය වනවිට ඉන්ධන හිඟයක අවදානමක් මතුවිය හැකි බවයි බලශක්ති අමාත්‍යවරයා අනතුරු අඟවන්නේ. 

පවතින ගැටළුව පිළිබද අමාත්‍ය මණ්ඩලය අවස්ථා 8 කදී දැනුවත් කළද මෙතෙක් ඊට නිසි ක්‍රමවේදයක් සකස් වී නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මම යන්නේ නෑ..! – මහින්ද කියයි

තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට මෙන්ම තමාගේ පවුලේ අයම තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට යන කසු කුසු වලට මහින්ද රාජපක්ෂ මහතාම පිළිතුරු දී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ දේශපාලනය අත් හරී කියා කතා හදන රෝගීන් අතරේ නිරෝගීව සිටිනවා යයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා.

තමාගේ දේශපාලනය

අගමැතිකම තමාගේ දේශපාලනය නොව එහි එක් කොටසක් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

2015 ජනපතිවරණය පරාජය වීමෙන් පසු චමල් රාජපක්ෂ අගමැතිකම අරගෙන තමාව දේශපාලනයෙන් ඉවත් කරන බවට රාවයන් ගිය බවද අග්‍රාමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

ජනපති අපේක්ෂකත්වය

ගෝඨාභය රාජපක්ෂට තමා ජනපති අපේක්ෂකත්වය ගන්න දෙන්නේ නැති බවටද රාවයක් ගිය බව අග්‍රාමාත්‍යවරයා මතක් කර දෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලෙත් එවැනි භීති තිබූ බවත් සඳහන් කරමින්.

ඒ නිසා ඕවා ගණන් ගත යුතු නැති බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *