වැටුප ලක්ෂ 8 1/2යි – භාෂාව අදාලම නෑ – කොරියාවේ රැකියා අවස්ථා රැසක්

වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍ර සඳහා කොරියාව තුළ විශාල වශයෙන් රැකියා අවස්ථා තිබෙන බවත් භාෂා ප්‍රවීණතාවයක් හෝ NVQ සහතික නොමැතිව වුවද ඒ සඳහා අයදුම් කළ හැකි බවත්, වෙල්ඩින් සහ ග්‍රයින්ඩින් වැනි ක්ෂේත්‍රවල පළපුරුද්ද ඇති වයස අවුරුදු 45 දක්වා පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

මෙම රැකියා සඳහා රුපියල් ලක්ෂ 8 ½ සිට වැටුප් ආරම්භ වන බවත් මෙම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් හැකියාවන් ඇති, මේ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින් සිටී නම් විදේශ රැකියා ප්‍රවර්ධන කාර්යංශයේ නාවල පිහිටි කාර්යාලයට පැමිණෙන ලෙසත්, එහිදී පරීක්ෂණ කමිටුවක් මගින් අදාළ උපදෙස් ලබා දෙන බවත් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම අංශය සඳහා විදේශගත වීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා විදේශ ගත වීමේදී රාජ්‍ය බැංකු මගින් ණය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා කියා සිටියා.

ජපන් රජය යටතේද සාත්තු සේවය සඳහා විශාල රැකියා ප්‍රමාණයක් ලැබී ඇති බවත්, ඉදිකිරීම් සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා මේ වනවිටත් සාකච්ඡා කරමින් සිටින බවත්, කිසිදු රටකින් ශ්‍රී ලාංකිකයන්ට රැකියා සඳහා වීසා ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුර‌ටත් පැවසුවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *