ඛණිජ තෙල් බෙදුම්කරුවන් වර්ජනයක ! – අතිවිශේෂ ගැසට්ටුවක් එයි !!

අද (04) උදෑසන සිට දිවයින පුරා ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත්වීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර ති‌බේ.


ඒ බෙදුම්කරුවන් වෙත ලබාදුන් වට්ටම් මුදලින්, සියයට 45ක ප්‍රමාණයක් නැවත අයකර ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමට විරෝධය පළ කරමිනි.

එම බද්ද අය නොකරන්නේ යැයි ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරු ඉන්ධන පිරවුම්හල් හිමිකරුවන් දැනුවත් කර තිබියදී ඊයේ පස්වරුවේ එම බද්ද අය කිරීමෙන් මේ වන විට මුදල් ගෙවූ ඇනවුම් ලැබීම ද අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති බවත් මෙම බද්ද අය නොකරන බවට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ද ප්‍රකාශ කළ බව ද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න කීය.

අළෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටමෙන් කොටසක් බද්දක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදීගැනීමට තැන්පත් කරන මුදලින් අයකරගන්නා බව දැනුම්දී තිබූ බවත් ඒ සම්බන්ධයෙන් යොමුවූ විරෝධයත් සමඟ එය අය නොකරන බව දැනුම් දී තිබූ බවත් කපිල නාඔටුන්න වැඩි දුරටත් සඳහන් කළේය.

මේ විරෝධතාව පළ කෙරෙන කාලය තුළ ඉන්ධන ඇණවුම් කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව කපිල නාඔටුන්න සඳහන් කළේ ය.

https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1356202582&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true

nethfm digital · OIL KAPILA 01



මේ හේතුවෙන් රටපුරා ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවද ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සමලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් සඳහන් කළේය.

https://w.soundcloud.com/player/?url=https%3A//api.soundcloud.com/tracks/1356203311&color=%23ff5500&auto_play=false&hide_related=false&show_comments=true&show_user=true&show_reposts=false&show_teaser=true&visual=true

nethfm digital · OIL KAPILA 03



කෙසේවුවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ, ඉන්ධන සැපයුම කිසිදු බාධාවකින් තොරව සිදුකෙරෙන බවයි.

නොමඟ යවන සුලු පුවත් සහ ප්‍රකාශ සම්බන්ධයෙන් කලබල නොවන ලෙස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


KaJ

මේ අතර, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත නිකුත්කර ඇති මෙම ගැසට් පත්‍රයට අනුව පහත සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කෙරෙනු ඇත.

* විදුලි බල සැපයීම සම්බන්ධ ව සියලු සේවාවන්
* ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම
* රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරිම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධ ව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑ ම විස්තරයක සියලු ම සේවා, වැඩ හෝ ශ්‍රමය.

gazzette 2022.new

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *