අංකල් ඔයා මොන කැම්පස් එකේද.? බලෙන්ම ඇවිත් කැලණි සරසවි සිසුන් ආමන්ත්‍රණය කළ සරත්ට කෝචෝක්.!

අංකල් ඔයා මොන කැම්පස් එකේ ද..?


අද කැළණිය ප්‍රදේශයේ පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂය නායකත්වය දරන ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා ක්‍රියාත්මක කරන නිල ශිෂ්‍ය සංවිධානය වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයට හිටිහැටියේ බලහත්කාරයෙන් කඩා පැන්න සරත් ෆොන්සේකාගෙන් සරසවි සිසුන් විමසා ඇති බව අපට වාර්තා වේ.

තම කතාව අවසන් කර වේදිකාවෙන් බිමට බට ඒ අවස්ථාවේ බලාපොරොත්තු නොවු එම ප්‍රශ්ණය හමුවේ දැඩි අපහසුතාවයට පත් වූ සරත් ෆොන්සේකා ‘පුතේ අපි රට බේරගන්න අට වසරෙන් ම යුද්දෙට ගිය අයනේ’ යනුවෙන් පවසා එම ස්ථානයෙන් නික්ම ගොස් ඇති අතර ඔහුව එම ස්ථානයට ගෙන්වාගැනීමට ගෙන්වා ගැනීමට කටයුතු කළ අරගල භූමියේ අරලිගහ මන්දිරයේ පහරදීම් වලට සම්බන්ධ පුද්ගලයකුට අනතුරුව එම ස්ථානයේ සිටි සිසුනගෙන් දැඩි විරෝධයක් එල්ල වු බවද අපට වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම මෙම සිදුවීම වාර්තා වීමත් සමග පෙරටුගාමි පෙරටුගාමී සමාජවාදී පක්ෂ නායක කුමාර් ගුණරත්නම් වහාම එම ස්ථානයේ සිටි තම ශිෂ්‍ය සංවිධාන නියෝජිතයින් වෙත ආමන්ත්‍රණය කර ඇති අතර එහිදී කොහෙවත් යන කලවැද්දන් ව අපේ දේවල් වලට ගාවගන්න එපා යනුවෙන් ඔවුන්ට දැඩි ලෙස අවවාද කර ඇති බවත් සඳහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *