කුඩා ළමුන් දේශපාලන ව්‍යාපෘතින් සදහා භාවිතා කිරීමම ළමා අපචාරයක්..! වහා දඩුවම් ලබාදිය යුතුයි..!

කුඩා ළමුන් චේතනාන්විතව දේශපාලන ව්‍යාපෘතින් සදහා යොදාගැනීමම ළමා අපචාරයක් බව දේශපාලන විශ්ලේෂකයෝ අවධාරනය කරති. ඊයේ දින කුඩා ළමයෙකු සමග පියෙකු (මේ පළමුවැනි වතාව නොවේ) රජයෙන් නීත්‍යානුකුලව තහනම් කර ඇති ස්ථානයක ප්‍රචණ්‍ඩකාරීව හැසිරිම හේතුවෙන් උද්ගතවු තත්වයකදී අත් අඩංගුවට පත්විමට ගිය අවස්ථාව අරගලකරුවන් යැයි කියාගන්නා පෙරටුගාමි කැරලිකරුවන් පිරිසක් එම දරුවාව දේශපාලන වාසි ලබාගැනිම සදහා අවභාවිතා කරමින් සිටින බව ඊයේ දිනය පුරාවට සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබිණි.

මීට පෙරද එම දරුවා මෙලෙසම දේශපාලන ව්‍යාපෘතින් සදහා යොදාගනිමින් භාරකාරත්වයේ සිටම අපයෝජනය කරමින් අනතුරුව අනුකම්පාව දිනාගැනිම සදහා මාධ්‍ය සංදර්ශන සිදුකරමින් චේතනාන්විතව ශ්‍රි ලංකාව විදේශ දේශයන් ඉදිරියේ හෑල්ලුකිරිමට උත්සහ කළ මේ පවිටු දෙමාපියන් දිගින් දිගටම මේ ක්‍රියාවලියේ නිතරත වෙමින් සිටිනුයේ විදේශ රටක දේශපාලන රැකවරන ලබාගැනිමේ අරමුනින් බව සුප්‍රසිද්ධ රහසකි.

තමන් සහභාගි වන්නේ නිතිවිරෝධි ජනරාශියකට නම් එම ක්‍රියාව නීති විරෝධි බව තමන් දන්නේ නම් සහ සැලසුම් සහගතව සිදුවන එම ක්‍රියාවලියට චේතනාන්විතව තම දරුවා රැගෙනයාම තුලින්ම එම ‍දෙමාපියන්ගේ අරමුණ තම දරුවා යොදාගෙන දේශපාලන වාසි ලබාගැනිම නම් භාරකාරත්වය මගින් දරුවා අපහරණයට ලක්කිරිමේ සිදුවිමක් එහි සිදුව ඇති නිසාවෙන් වහාම එම දරුවා පරිවාස භාරයට පත්කළ යුතු බව අපගේ අදහසයි.

කුඩාදරුවන් තම පටු දේශපාලන ව්‍යාපෘතින් සදහා යොදාගනිමින් රාජපක්ෂ රෙජීමය යන පාරේම යමින් කැරලිකරුවන් සිදුකරන මේ ක්‍රියාව හෙලාදැකිය යුත්තකි. කපා කපා කැලි කපා කියමින් ඔවුන් සිදුකරන්නේද රාජපක්ෂවරුන් සිදුකළ ක්‍රියාව නම් ඔවුන් සහ රාජපක්ෂවරුන් අතර කිසිදු වෙනසක් නැත. සත්‍ය වශයෙන්ම සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලමින් පාරට පැමිණියා යැයි කියන මේ ඊණියා පෙරටුගාමි කැරලිකාර නඩය මේ වනවිට ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති පසුබිමක ජනතාවගේ අනුකම්පාව ලබාගැනිම සදහා සිදුකරන මේ ළමා අපචාර ක්‍රියා‍වන් සදහා අනිවාර්යයෙන්ම නිත්‍යානුකුලව කටයුතු කර දඩුවම් ලබාදිය යුතු බව අප තරයේ විශ්වාස කරන්නෙමු.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *