සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් පෙරලන්න වටලන්න එන අයවලුන්ව පැත්තකට කරන්න ඕනේ – හරීන් කියයි..!

කාලකන්නි වින්දන ගන්න කණ්ඩායම පොඩ්ඩක්  පැත්තකට වෙලා රටට කෙලින් හිට ගන්න ඉඩ දුන්නොත් දෙසැම්බර් මාසයේ ලංකාවට ඓතිහාසික සංචාරක ප්‍රමාණයක් එ්වි යැයි  විශ්වාස කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

රටට සංචාරකයන්  ගේන්නැයි විපක්ෂයේ සමහර කණ්ඩායම් කතා කරන අතර ඔවුන්ම පාර්ලිමේන්තුව පෙරලන්න, වටලන්න උත්සාහ කරන බව ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

සංචාරක සමුලු වලින් සංචාරක කර්මාන්තය දියුණු කරනවා යැයි කියන අතර ලංකාවේ මිනිස්සුන්ට කන්න නැතැයි ලෝකයට කියන බව හරීන් ප්‍රනාන්දු මහතා කීය.

 කංචන විජේසේකර ඇමතිවරයා සමඟ  එකතුවී සංචාරකයන්ට වෙන්වුණු ඉන්ධන අවසර පතක් එළිදක්වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

සංචාරක කර්මාන්තය නැංවීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක්  තිබේදැයි පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *