එජාප නව මහ ලේකම් රවි..!

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ සභාපති ,ජාතික සංවිධායක , භාණ්ඩාගාරික යන තනතුරුද වෙනස් කිරීමට නීයමිතව ඇත.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ නව වැඩ පිළිවෙල අනුව එළැඹෙන ජනවාරියේදී නව ආසන සංවිධායකවරුන්ද පත් කෙරෙනු ඇති අතර ඉදිරි මැතිවරණ වලදී විශාල ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට ඇති හැකියාව අනුව කඩිනමින් පක්ෂය ප්‍රතිසංවිධානය කර මැතිවරණ සඳහා මුහුණ දීමට හැකි ශක්තිමත් යාන්ත්‍රණයක් ගොඩනඟා ගැනීම පක්ෂයේ අපේක්ෂාව වී ඇත. කොහොම නමුත් ඉක්මන් මහ මැතිවරණයක් කරා යෑම පක්ෂයට වඩාත් වාසිදායක වනු ඇති බවට පක්ෂයට යෝජනා රැසක් පාක්ෂිකයන් වෙතින්ද ඉදිරිපත්ව තිබේ

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ රට ඇද වැටී තිබුනු විශාල අර්බුදයකින් රට මුදවා ගැනීමට සමත් වීම තුළ සමස්තයක් ලෙස රට වැසියාගේ ඉහළ ප්‍රසාදය සහ ජනප්‍රියත්වය දිනා ගෙන ඇති නිසා මෙම තත්වය එජාපයට වඩාත් වාසිදායක වී ඇත.

එමෙන්ම මේ වන විට එජාපය අත්හැර යමින් සජබයට එක්වූ විශාල පිරිසක් නැවත එජාපයට එක් වීමේ ප්‍රවණතාවයක්ද ඇත. විශේෂයෙන්ම ප්‍රදේශීය වශයෙන් ඇතිව තිබෙන රැල්ල අනුව සජබයේ ඉහළ පෙළේ නායකයන් ගනනාවක්ද ඉදිරියේදී එජාපයට එක්වීමට නියමිත බවද දැන ගැනීමට ඇත.

එසේම පොදු ජන පෙරමුණේ තරුණ නායකයන් ගනනාවක්ම මේ වන විටත් ජනාධිපතීවරයා සමඟ ඉතා සමීපව කටයුතු කරමින් රට ගොඩනැංවීමේ වැඩ පිළිවෙලට විශාල සහයොගයක් ලබා දෙමින් තිබෙන අතර ඉදිරි මැතිවරණ වල දී එම කණ්ඩායම්ද එජාපය සමඟ පෙළ ගැසෙනු ඇති බව තහවුරුව පවතී.

කොහොම නමුත් ඉදිරියේදී වඩාත් වේගයෙන් ගොඩ නැගෙන දේශපාලන පක්ෂය වනු ඇත්තේ එජාපය බව දේශපාලන විචාරකයන්ගේ මතය වී ඇත. පොහොට්ටු කණ්ඩායම සහ සජබය සෝදාපාළුවට ලක්වීම වැලැක්විය නොහැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

Source – lankadaily.com

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *