ජනපති රනිල්ගේ 22 ජයගැනීමත් සමගින් බැසිල් ඇතුළු රාජපක්ෂ පිලට කණේ පහරක්..!

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.

මේ අනුව එය 21 වන සංශෝධනය ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වනු ඇති.

තුන්වනවර කියවීමේ ඡන්ද විමසීමේදී ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද 174 ක් ලැබුණු අතර විපක්ෂව කිසිවෙකු ඡන්දය ප්‍රකාශ කළේ නැත.

දෙවන වර කියවීමේ ඡන්දය අවස්ථාවේ පක්ෂව ඡන්ද 179 ක් ලැබී තිබූ අතර එම අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ය.

මේ අතර මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශපාලන කඳවුර අතහැරීමට රාජපක්ෂ කඳවුරේ තවත් ප්‍රබලයන් පිරිසක් සුදානම් වන බව දැනගැනීමට ඇත. ඔවුන් මේ වන විටත් තමන්ගේ සමීපතමයන් සහ ප්‍රධාන ආධාරකරුවන්ගේ මත විමසුම් කරමින් සිටින බව වාර්ථා වෙයි.

22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කිරීම විය යුතු බවට රාජපක්ෂවරුන්ගේ නියමය වූවද අවසානයේ දී ඊට පක්ෂපාත වූ පිරිස පිරිස අවමවීම මත මේ තිරණය ගැනීම කෙරෙහි ඇති උනන්දුව ද වැඩි වී ඇත.

පසුගිය ගෝඨා පාලනයේ සියලු පවු ගෝඨා සහ බැසිල්ගේ කර මත අතහැර මහින්දව ඉදිරියට දමාගෙන යළි දේශපාලනයට පිවිසීමේ උත්සාහයක් පොහොට්‍ටු ප්‍රබලයන් විසින් ගනු ලැබූවද එයද අසාර්ථක වෙමින් පවතී.. විශේෂයෙන්ම ජනතාව සියලු රාජපක්ෂවරුන් ප්‍රතික්ෂේප කිරීමත් මහින්දගෙ වයෝවෘද්ධ බාවය හමුවේ යළි රටේ නායකත්වයකට පත්වීම කිසිසේත් සිදු නොවන්නක් නිසාත් මේ තත්වය ඇතිව තිබේ. එසේම රට මුහුණ දෙන අර්බුද හමුවේ ඊට විසඳුම් ලෙස කිසිදු ක්ෂේත්‍රයක් ගැන සාකච්ඡාවක් හෝ නොමැති පක්ෂයක, පක්ෂ නායකයකු සමඟ ඉදිරි දේශපාලන ගමනක් ගැන කල්පනා කිරීමත් විහිළු සහගත දෙයක් වන නිසා මහින්ද සමඟ කළ හැකි දේශපාලනයක් නැති බව පොහොට්‍ටු නායකයන් මෙන්ම පාක්ෂිකයන්ද තේරුම් ගෙන තිබේ.

අනෙක් කාරණය වන්නේ රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන ඉතිහාසයේ සක්‍රීයම අවධියට පිවිසෙමින් රට වැටී සිටින අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක යෙදී සිටින බව රට හමුවේ පෙන්වා තිබිම මත පොහොට්‍ටුව පමණක් නොව අනෙක කිසිදු දේශපාලන පක්ෂයකට රනිල්ට අභියෝග කිරීමේ හැකියාව මුලුමනින්ම පාහේ මොට වී තිබේ. මේ තත්වයන් අනුව රනිල් සමඟ යෑම මිස මේ මොහොතේ ගත හැකි වෙනත් විකල්ප නොමැති වීම පැහැදිලිව තිබේ.

මේ අතර විදේශගතවී සිටින දැඩි රාජපක්ෂ හිතවාදියෙක් වන ඇමැති ප්‍රසන්න රණතුංග සිය ඉදිරි දේශපාලන තීන්දුව ගැනීම සඳහා පුද්ගලික ලේකම්වරයා හරහා පෙරේදා (20) සවස පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රසන්න රණතුංගගේ දේශපාලන කමිටුව මිනුවන්ගොඩ යුරෝස්ටාර් හෝටලය වෙත කැඳවා තිබේ.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මණ්ඩලය මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හා නගර සභාවේ සභාපතිවරු, මන්ත්‍රීවරුන් ඇතුළු ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවන් 50 දෙනෙකුගෙන් සමන්විතය.

එහි අරමුණ වී ඇත්තේ ඉදිරි දේශපාලන ගමන මහින්ද රාජපක්ෂ කඳවුර සමග යනවා ද, රනිල් වික්‍රමසිංහ එක්ක එක්වී යනවා ද යන්න දේශපාලන ක්‍රියාකාරීන්ගේ මතය විමසීම සඳහාය.

කෙසේ වෙතත් සහභාගී වී සිටි පිරිස අතරින් මත විමසුමක් කර බහුතර මතය නියෝජනය කරන කණ්ඩායමට ඇහුමකන් දෙමින් ඉදිරි දේශපාලනය තෝරන බව ඇමතිවරයා ලේකම්වරයාගේ මාර්ගයෙන් දැනුම් දී ඇත. මත විමසීම සඳහා සීල් කළ පෙට්ටියක් සූදානම් කර තිබී ඇත.

පැමිණි සියලුම දේශපාලන මණ්ඩල සාමාජිකයන්ට ඡන්ද පත්‍රිකාවක් ලබා දී ඇති අතර එහි ප්‍රශ්න 02 ක් විමසා තිබී තිබේ. රටේ ආර්ථික අර්බුද විසදීමේ අභියෝගය භාරගත් නායකයා සමඟ ඉදිරියට යාම සුදුසු ද, නැතහොත් මෙතෙක් සිටි දේශපාලන ස්ථාවරයේ කටයුතු කිරීම සුදුසු ද යන්න එම ප්‍රශ්න 02 යෙ. සාකච්ඡාවට සහභාගී වූ දේශපාලන මණ්ඩල සභිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැත.

එහෙත් නිල නොවන ආරංචි මාර්ග හරහා වාර්තා වන්නේ මේ ඡන්දය ප්‍රකාශ කළ බහුතරය දක්වා ඇත්තේ මහින්ද රාජපක්ෂ මුල් වූ රාජපක්ෂ කඳවුර සමග මේ ගමන යෑමට නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ සමග එක්වී ඉදිරි දේශපාලන ගමන යා යුතු බවතය

ඒ අනුව මහින්දගේ අනුගාමිකයෙක් වී සිටි ප්‍රසන්න රණතුංග එම ගොඩෙන් ගැලවී රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කිරීමට එක් වනු ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *