ජිනිවා යන්න මානව හිමිකම් ලොක්කි පළමු පන්තියේ ටිකට් ඉල්ලයි..! වියදම ලක්ෂ 16ක්.!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ විශ්ව කාලාන්තර සමාලෝචනය සඳහා සහභාගී වීම සඳහා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරට පිටත්ව යාම සඳහා තමන්ට පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මිය ලිපියක් යවමින් රජයෙන් ඉල්ලා තිබේ.

ඒ දැනටමත් දෙවන පන්තියේ ටිකට් පතක් ඇය වෙනුවෙන් වෙන් කර තිබිය්දීය.

දීර්ඝ ගුවන් ගමනක් බැවින් රුපියල් මිලියන 1.08 හෙවත් දස ලක්ෂ අසූ එක්දහසක් වටිනා පළමු පන්තියේ ගුවන් ටිකට් පතක් සහ හෝටල් ගාස්තු වශයෙන් රු. 467,249 ක මුදලක් ලබාදීමට ක්‍රියාකරන ලෙස එම ලිපියෙන් ඇය වැඩිදුරටත් ඉල්ලා ඇත.

ඒ අනුව ඇයගේ ජිනීවා සංචාරය සඳහා රජය විසින් දැරිය යුතු සම්පූර්ණ මුදල රුපියල් 1,548,249/= ක් වන අතර එය ජනතා බදු මුදලින් ගෙවිය යුතුවේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *