සෙල්වකුමාරි සත්‍යලීලාට මරණ දඬුවම නියම කරයි.!

පසුගිය 2004 වසරේ ජූලි මස 07 වැනිදා කොල්ලුපිටියේදී අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ඩග්ලස් දේවානන්දගේ කාර්යාලයේදී බෝම්බයක් පුපුරුවාගෙන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කළේය.

එම ඝාතනයට ජයරාණි නමැති බෝම්බකාරියට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකාරිය කර මහාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර එය වසර 15 කට අත්හිටුවා තිබූ සෙල්වකුමාරි සත්‍යලීලාට අභියාචනාධිකරණය (23) මරණීය දණ්ඩනය නියම කරයි.

මහාධිකරණය විසින් ලබාදෙනු ලැබූ පෙර දණ්ඩන නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අභියාචනාවක් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම දඬුවම් නියම කරනු ලැබුවෙිය.

සෙල්වකුමාරි සත්‍යලීලා අත්අඩංගුවට ගැනීමට වහාම වරෙන්තු නිකුත් කරන ලෙසට සම්පත් අබේකෝන්,පී.කුමාරරත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මහාධිකරණයට නියෝග කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *