මැ.කො. සාමාජිකයන්ට තර්ජන ඩුබායි සිට එකම අංකයකින්..!

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනකුට මරණ තර්ජනය කිරීම ඩුබායි රාජ්‍යයේ සිට එකම දුරකථන අංකයකින් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

කොමිසමේ සාමාජිකයන් වන එස්. බී. දිවාරත්න, කේ. පී. පී. පතිරණ යන මහත්වරුන්ට ඉකුත් 18 වැනිදාද, එම්. එම්. මොහොමඩ් මහතාට ඉකුත් 27 වැනිදාද, මරණීය තර්ජන එල්ල කරමින් දුරකථන ඇමතුම් දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදුකරන බවත් ඒ මහතා කීය.

මෙම දුරකථන අංකයට අදාළව ගාල්ල දිස්ත්‍රික්කයේ ලිපිනයක් සඳහන් වුවත් එම නිවසේ සිටි පුද්ගලයා විදෙස්ගත වී ඇති බවත් විමර්ශනවලට අනුව ඔහු ඒ ගැන දැනුවත් වීමක් නොමැති බවත් මූලික විමර්ශනවලදී හෙළිවී ඇත. දුරකථනයෙන් තර්ජනය කළ පුද්ගලයා නිශ්චිතව හඳුනාගෙන නොමැති බවද තර්ජන එල්ලවී ඇති කොමිසමේ සාමාජිකයන් තිදෙනාට අදාළ පොලිස් ස්ථාන මගින් ගිනි අවි සහිත ආරක්‍ෂාව ලබාදී තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *