හොරු යැයි සිතා ගෙදරට එන ජෙප්පන්ට බල්ලන් උසිගැන්විම නිසා ජලභීතිකාව ඉහළ යා හැකියි -PHI සංගමය

මැතිවරණ දිනවල තම නිවසට පැමිණෙන ජාතික ජනබලවේගය ඇතුලු පක්ෂවල අපේක්ෂකයන්ට සොරුයැයි සිතා බල්ලන් උසිගැන්වීම නිසා ඉදිරි දිනවල රට පුරා ජලභීතිකා රෝගය සීඝ්‍රයෙන් පැතිර යාමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති, උපුල් රෝහණ මහතා සඳහන් කළේ, ලංකාවේ ජලභීතිකා රෝගය තුරන් කිරීමට සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවතීම හේතු වූ බවය.

නමුත් අවාසනාවන්ත ලෙස එම එන්නත් වැඩසටහන සම්පූර්ණයෙන්ම අඬාල වීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය ඇති ව තිබෙන බව ද ඔහු පැවසීය.

“පසුගිය කාලය තුළ මෙරට ජලභීතිකා රෝගය හේතුවෙන් සිදුවන මරණ අවම කර ගැනීමට ප්‍රධානතම හේතුව වුණේ, සාර්ථක එන්නත්කරණ වැඩසටහනක් බිම් මට්ටමේ ක්‍රියාත්මක වීම නිසයි. නමුත් අවාසනාවන්ත ලෙස මේ වන විට එන්නත්කරණ වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අඬාල වී තිබෙනවා. එමෙන්ම ඉන්ධන ගැටලුව නිසා පසුගිය මාසයක පමණ කලයක් මේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුණේ නෑ. පසුගිය දෙසැම්බර් මාසයේ ඉඳලා මේ වෙද්දි කොවිඩ් -19 සහ ඉන්ධන ප්‍රශ්නය නිසා වැඩසටහන අසාර්ථක වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරියේ දී විශාල වශයෙන් ජලභීතිකා මරණ වාර්තා වීමේ අවධානමක් තියෙනවා. මහජනතාවට අපි අනතුරු අඟවනවා, සුනඛ සපාකෑම්වලින් හැකිතරම් දුරට වැළකී ඉන්න කියලා. ඒ වගේම සැක සහිත සුනඛ සපාකෑමක් සිද්ද වුණොත් ළඟම පිහිටි රෝහලට ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *