වාහනහිමියන් ට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්

ටොයොටා ලංකා පුද්ගලික සමාගම විසින් වාහන හිමිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ Toyota Corolla සහ Yaris  වර්ගයේ මෝටර් රථවල Airbag නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙනි.

මේ වනවිටත් ඊට අදාළ විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව බලපෑමට ලක්වූ මෝටර් වාහන පිළිබඳ විස්තර සහ ක්‍රියා පටිපාටින් පහතින් දැක්වේ.

ඉහත තොරතුරු සමාලෝචනය කර අදාළ මෝටර් වාහන විස්තරය සමග නිර්ණායක පරීක්ෂා කරන බලන ලෙස ද ටොයොටා ලංකා සමාගම දැනුම්දෙයි.

ඉහත නිර්ණායක සමග මෝටර් රථයේ චැසි/ ෆ්‍රේම් අංක ගැළපේ නම්, ඔබගේ මෝටර් රථය ළඟම ඇති ටොයොටා ලංකා සේවා මධ්‍යස්ථානය වෙත ගෙනැවිත් භාරදෙන ලෙස ද එම සමාගම ජනතාවට දැනුම්දෙයි.

ඊට අදාළ විමසීම් සහ වේලාවන් වෙන් කරවා ගැනීමට පහත දැක්වෙන දුරකථන අංක හා සම්බන්ධ විය හැකිය.

0112 939 000 හෝ 0777 939 158

මේ අතර යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම විසින් ද MITSUBISHI වාහන හිමියන් වෙත Airbag සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

මේ අතර ස්ටැෆර්ඩ් මෝටර් සමාගම විසින් ද HONDA වාහනහිමියන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති අතර එය පහතින් දැක්වේ.

නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලුන ක්‍රියාකාරීත්වය අනාරක්ෂිත යැයි හෙළිදරව් වූ මෝටර් රථ ඛාණ්ඩ හා මාදිලිවලට අයත් මෝටර් රථ ලක්ෂ 07කට අධික සංඛ්‍යාවක් මෙරට තුළ ධාවනයේ යෙදෙන බව අනාරවණය වුණි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ, අවදානම් කාණ්ඩයේ පවතින වාහන ඒජන්ත සමාගම් සමඟ සාකච්ඡා කර හිමිකරුවන් හරහා එම වාහන යළි කැඳවීමට පියවර ගනිමින් සිටින බවය.

වායු බැලුන ක්‍රියාකාරිත්වය රියදුරාට මාරාන්තික විය හැකි වර්ගයේ මෝටර් රථ සහ ජීප් රථ මෙරට මාර්ග පද්ධතිය තුළ ධාවනය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

නිෂ්පාදන දෝෂ සහිත එම කාණ්ඩයන්ට අයත් වාහන ලෝකයේ සෙසු රටවල ආපසු කැඳවා ඒවායේ වායු බැලුන යළි සකස් කර ඇතත් මෙරට එම කාණ්ඩයන්ට අයත් වාහන කිසිදු පරීක්ෂාවකින් තොරව ධාවනය වන බව තහවුරු වී ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *