මේ මොහොත වෙද්දි කැමරාවක් සහිත දුරකථනයක් අතේ තියෙන බහුතරයක් තමන් සියලු අයිතිවාසිකම් සහිත ප්‍රවීන මාධ්‍යවේදින් යැයි සිතන සමාජයක තම සාක්කුවට වැටෙන මුදලට උපන් බිම පාවාදෙන මාධ්‍යවේදි පන්නයේ පාවාදෙන්නන් ඔබ දැක තිබෙනවාද? ඒ් ඇතැම්විට ඔබ අසලින් සිටින රට වෙනස් විය යුතු බව කියන ජවිපෙ පෙරටුගාමි කල්ලි වලට කඩේ යන ඔබේ මිතුරා වන්නටද පුළුවන.
අප සැමට එකිනෙකට වෙනස් වු දේශපාලන මතවාදයන් ඇත. එය සාමාන්‍ය තත්වයකි. එහෙත් දේශපාලන මතවාදයන් නිසාවෙන් සමස්ත රටටම වින කටින ක්‍රියාවලින් වලට යමෙක් උදවු උපකාර කරන්නේ නම් ඔවුන් සැබවින්ම දේශද්‍රෝහින්ය. රට යාන්තමට හිස ඔසවාගෙන පැමිණෙන මේ මොහොතේ කකුලෙන් ඇදිම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වසල ක්‍රියාවකි.
මීට ආසන්නතම සිදුවීම වන්නේ මීට දින කිහිපයකට පෙර පැවති අන්තර් විශ්ව විද්‍යාලයීය පෙරටුගාමි ශිෂ්‍ය බල මණ්ඩලයේ නීති විරෝධි ජන රාශියට මාධ්‍ය ආවරණය ලබාදීම සදහා පැමිණි බව කියන විදේශිය ජනමාධ්‍ය ආයතනයකට සම්බන්ධ බව කියන මාධ්‍යවේදිනියක ස්වරූපයෙන් සිටින කාන්තාවක විසින් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රි ලංකාවේ කීර්ති නාමය හානිකිරිමේ අරමුණින් නීති විරෝධි ජන රාශිය විසුරුවාලීම සදහා එල්ල කරන ලද ජල ප්‍රහාරයට සිය කැමැත්තෙන්ම ලක්වෙමින් එය සමස්ත ලෝකයට වැරදි අර්ථකතන ලබාදෙමින් සජීවීව පෙන්වීමේ අරමුණ පිටුපස විශාල දේශපාලන කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව අපට වාර්තා වේ.
සරසවි තුල නවක වදය දෙමින් විනය කඩ කරමින් ශිෂ්‍යයන්ට නිගාදෙමින් හැසිරෙන පෙරටු අන්තරේ කොළඹ පැමිණෙන විටම එය නිති විරෝධි බවට අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමක උත්තරීතර අධිකරන නියෝග පවා කඩකරමින් පොලිසිය සමගින් ගැටළු ඇතිකරගන්නට උත්සහ කරන මේ පිරිස සාධාරණිකරනය කරමින් ඔවුන් අහිංසකයන් ලෙස හදුන්වා දෙමින් අසත්‍ය සමාජ ගතකරන්නට මෙම මාධ්‍යවේදිනිය යැයි කියාගන්නා කාන්තාව උත්සහ දැරීම තුලම ඒ සම්බන්ධයෙන් බරපතල සැකයක් නිර්මාණය වේ.
තම සාක්කුවට වැටෙන මුදලට ගිජුවෙමින් මව්බිම පාවාදෙමින් රාජය නොවන සංවිධාන වල අවශ්‍යතා ඉටුකරන ඩොලර් කුක්කන්ට ඒරෙහිව වහාම නිතිය ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාව මතුව ඇති බව අපේ අදහසයි.