ශ්‍රි ලංකාව සිදුකළ කැපවීම් පිළිබදව සහ ලබා ඇති ප්‍රගතිය ගැන සතුටුයි..! ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක්..!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්‍ය අරමුදලේ  ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි.

ආධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සෑහීමකට  පත්වන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ලබාදී ඇති ණය මුදලේ දෙවන වාරිකය වන ඇමෙරිකා ඩොලර් 337ක පමණ මුදල  වහාම ලබාදීමට විධායක කමිටුව  අනුමැතිය දුන් බව ද ඒ මහතා කියා සිටියේය.

සංවර්ධනය වෙමින් පවතින රටවල බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26ක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

රජයට අත්‍යාවශ්‍ය සේවා සැපයිම සඳහා බදු ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු සඳහන් කළේය.

එසේම ණය ප්‍රතිව්‍යවගත කිරීමේ දී චීනය මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවට පත්වීම අත්‍යාවශ්‍ය නොවන බවත් රහස්‍යභාවය ආරක්ෂා කිරිමේ කොන්දේසි  මත චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කොන්දේසිවල සාරංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත බව ද ඔහු කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *