සජබ රෙදි ගැලවෙයි..! රුපියල් කෝටියක් වංචා කළ සජබ කැස්බෑව මන්ත්‍රි රිමාන්ඩ්…!

ආකර්ෂණීය පොලියක් ලබා දෙන බව පවසා ගනුදෙනුකරුවන් රවටා  එක් කෝටි දාහත් ලක්ෂයක මුදලක් වංචා කළ බව පැවසෙන කැස්බෑව නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරිය ලබන 23දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට කැස්බෑව වැඩබලන මහේස්ත්‍රාත් සුනේත්‍රා පෙරේරා මහත්මිය ඊයේ  (10දා) නියෝග කළාය.

මෙසේ බන්ධනාගාර ගත කරනු ලැබූයේ පිළියන්දල මකුළුදූව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකි.

ඇය සමගි ජන බලවේගය පක්ෂය විසින් ක්‍රියාත්මක විවිධ ව්‍යාපෘති සඳහා යෙදවීමට බව පවසමින් පිළියන්දල සහ කැස්බෑව අවට ප්‍රදේශ රැසක විවිධ පුද්ගලයන් හා ව්‍යාපාරිකයන් රවටා රුපියල් ලක්ෂ තුනේ සිට 25 දක්වා වූ මුදල් වංචනික ලෙස ලබාගෙන ගනුදෙනුකරුවන් රවටා තිබුණි .

ඉකුත්  මාස 14 ක කාලය තුළ මෙසේ මුදල් වංචා කර ඇති අතර ඒ  සඳහා  සමගි ජන බලවේගය පක්ෂයේ  ඉහළ දේශපාලන නායකයින්ගේ නම් ද භාවිතා කරමින් මුදල් ලබාගෙන තිබුණි .

එලෙස එක්කෝටි දාහත් ලක්ෂයක මුදලක් ලබාගෙන තිබූ අතර එලෙස ලබාගත් මුදල් සඳහා ඉහළ පොළී මුදලක් ලබා දෙන බවටද ගනුදෙනුකරුවන් රවටා තිබුණත් ඔවුන්ට පොරොන්දු වූ පරිදි එම මුදල් ආපසු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත පිලියන්දල පොලිසියේ පැමිණිලි කර තිබුණි .

එලෙස ගනුදෙනුකරුවන්  එකොළොස් දෙනෙකු මෙසේ පැමිණිලි කර තිබුණි.

ඒ අනුව මකුළුදූව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශනය කිරීමේ දී ඇය කැස්බෑව නගර  සභාවේ සමගි ජන ජනබලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියක් බවට තොරතුරු අනාවරණය වි තිබුණි .

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකාරිය (10) දා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්   අනතුරුව ලබන 23 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය. පිලියන්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *