සාදය හමාරවන ලකුණු..! රනිල්-බැසිල් සාකච්ඡා තීරණාත්මකව බිද වැටේ..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති තවත් සාකච්ඡාවක් එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

මීට පෙරද ඔවුන් දෙදෙනා අතර සාකච්ඡා වට හතරක් පැවැති අතර එහිදී මූලික බලාපොරොත්තුව වී තිබුණේ ජනාධිපතිවරණය කැඳවීම පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පැවැත්වීමයි.

කෙසේ වෙතත් මුලින් පැවැත්වුණු ඇත්තේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණයක් බව ජනාධිපතිවරයා මෙවර සාකච්චාවේදීද අවධාරණය කර ඇත.

තමන් ජනාධිපතිවරණයට තරග කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් ජූලි මාසය වන විට ප්‍රකාශයක් සිදු කරන බවද ජනාධිපතිවරයා පවසා තිබේ.

කෙසේ වෙතත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ජනාධිපතිවරයාට ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.

මීට පෙරද ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් දන්වා තිබුණේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ඒ සඳහා යෝජනාවක් සම්මත කිරීම හරහා පහසුවෙන්ම කළ හැකි බවය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *