විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක්

මෙම වසරේ පළමු මාස 5 තුළ විදෙස් සංචාරකයින් 556,395 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහිදී රුසියාවෙන් සංචාරකයන් 105,159 ක්, ඉන්දියාවෙන් සංචාරකයින් 99,147 ක් සහ බි්‍රතාන්‍ය සංචාරකයින් 45,108 ක් ලෙස වැඩිම සංචාරකයන් මෙරටට පැමිණ ඇති බවත් මෙම මස පළමු දින 11ක කාලය තුළ විදෙස් සංචාරකයින් 31,909 ක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය කීය.

මෙරටට පසුගිය වසරේ පළමු මාස 5 තුළ විදේශ සංචාරකයින් 378,521 ක් පමණක් පැමිණ තිබූ බව ද එම අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.  

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *