දෙපාර්තමේන්තු දෙකක් වහයි…!

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙසේ වසා දමා ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( ඈවරකරු) පී.එච්. ඒ.එස් විජයරත්න මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අවලංගු කරන ලද බවද  එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මේ අතර ක්‍රියාශීලීත්වය අතින් පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් වසා දැමීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පසුගියදා පැවසුවේය.

එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගනු ලැබ ඇතැයිද  වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *