වසර තුනකදී හත්දාහක් මගමරුවාට බිලිවෙලා

දිවයින පුරා පසුගිය වසර තුනේදී (2020 2021 සහ 2022) සිදුවී ඇති රිය අනතුරුවලින් හත් දහස් එකසිය හැත්තෑ  දෙදෙනකු (7172) මරුමුවට පත්ව ඇතැයි  පොලිස් මූලස්ථානය පවසයි.

එම වසර තුනේදී සිදුවී ඇති මුළු රිය අනතුරු ගණන 67,687 කි.

රිය අනතුරුවලින් වැඩිම පිරිසක් මිය ගොස් ඇත්තේ පසුගිය 2022 වසරේදීය. මියගිය සංඛ්‍යාව 2515කි.

මෙයට අමතරව 2021 වර්ෂයේදී  2513  දෙනෙක්ද  2020 වර්ෂයේදී  2144 දෙනෙක්ද මියගොස් සිටිති.

දිවයින පුරා 2020 වර්ෂයේදී  මාරක රිය අනතුරු  2040ක්ද  2021 වර්ෂයේ දී මාරක රියඅනතුරු 2414 ක්ද  2022 වර්ෂයේදී මාරක රිය අනතුරු 2395 ක්ද සිදුව ඇතැයි පොලිස් මූලස්ථානයේ  අලුත්ම වාර්ෂික වාර්තාවේ  දැක්වේ.

රිය අනතුරුවල  අඩුවීමක් දක්නට ඇතත්  අනතුරු  හේතුවෙන් මියගිය සංඛ්‍යාවේ ඉහළ යෑමේ  තත්වයක් පෙන්නුම් කෙරුණු  බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *