විදුලියෙන් දුවන බස් රථ සේවයක් එයි..!

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

ලක්දිව ඉංජිනේරු ආයතනය මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙන බව රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය .

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙම අදහස් පළ කර සිටියේ “ස්ථාවර රටකට සැවොම එක මඟකට ” මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

විදුලියෙන් ධාවනය වන බස් රථ ප්‍රචලිත කිරීම සඳහා එම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේ අරමුණ බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *