මට දානේ දුන්නේ නැති නිසා දඩ ගෙවන්න..! ගම්වැසියෙකුගේ මවගේ පාංශකූලයට එන්න අරලගංවිල විහාරාධිපති හිමියෝ විසි හතර දහසක් මුදලින් දෙන්න..!

මියගිය අයෙකුගේ පාංසකූලයට වැඩම කිරීම සඳහා විහාරාධිපති හිමිනමක් විසින් රුපියල් 24,000ක මුදලක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් මියගිය තැනැත්තියගේ පුත්‍රයා විසින් අරලගංවිල පොලිසියට පැමිණිලි කර තිබේ.

පැමිණිල්ලේ දැක්වෙන්නේ තම මව රෝගී තත්ත්වයෙන් පසුවීම නිසා හා ආර්ථික අපහසුතා නිසා වසර දෙකකට පමණ කාලයක් විහාරස්ථානයට දානය දීමට නොහැකි වූ බවයි.

ඒ නිසා තම මවගේ දේහයට පාංශකූලය ට වැඩම කිරීමට නම් රුපියල් 24,000ක මුදලක් විහාරාධිපති හිමියන් ඉල්ලා සිටි බවයි.

අදාළ විහාරාධිපති හිමි පොලීසියට කැඳවා එම තත්ත්වය සම්බන්ධයෙන් පැය දෙකකට අධික කාලයක් හිමිනමට කරුණු ඉදිරිපත් කළ ද ඉන් පලක් නොවූ හෙයින් පොලීසිය මැදිහත් වී වෙනත් විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා වැඩම කරවා පාංශකූල කටයුතු සිදුකර තිබේ.

විහාරාධිපති හිමිනම පොලීසියේ දී සඳහන් කර ඇත්තේ මෙම පවුල වසර දෙකකට අධික කාලයක් විහාරස්ථානයට දානය නොදුන් නිසා ඊට දඩ මුදලක් වශයෙන් මසකට රුපියල් 1000 බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24000 මුදලක් ගෙවන ලෙස දැනුම් දුන් බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *