පෞද්ගලික අංශයේ පඩි වැඩි කරන්නැයි ජනපති රනිල්ගෙන් ඉල්ලීමක්…!

රාජ්‍ය අංශයේ වැටුප වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා  ඉල්ලීමක් කර ඇතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ අනුව පෞද්ගලික අංශයේ අවම වැටුප වැඩි කිරීම සඳහා වන යෝජනාව කැබිනට් මණ්ඩලය හරහා අදාල අංශවලට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරයා ඉදිරියේදී පෞද්ගලික අංශයේ අවම වැටුප නිවේදනය කරන බව ද සඳහන් කළේය.

අවම වැටුප් නිර්ණය කිරීමේ කමිටුව සහ ජාතික කම්කරු උපදේශක සභාව රැස්වී අදාල යෝජනාවට එකඟතාවය ගෙන ඇතැයි ද හාම්පුතුන්ගේ සංගමය මෙන්ම වෘත්තීය සමිති අදාල කාරණා සම්බන්ධයෙන්  එකඟතාවයෙන් වැඩ කරන බවද අමාත්‍යවරයා කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *