ශ්රී ලංකාව බංකොලොත් යයි කිසිදු ප්‍රකාශයක් තමන් විසින් සිදුකර නැතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
එම අවස්ථාවේ සිදුකරන ලද්දේ තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම පමණක් බවද හෙතෙම පැවසීය.
ශ‍්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ලක් වූ අවස්ථාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය නොලැබුණේ නම් අර්බුදය තවත් තීව්‍ර වන බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉදිරි මැතිවරණවලින් ජය ලබා ගන්නා ඕනෑම ආණ්ඩුවක් මෙම වැඩපිළිවෙළ ඉදිරියට රැගෙන යාම අත්‍යවශ්‍ය කාරණාවක් බවද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කරයි.