පැය 24ක් තුල මෙහෙයුම්වලින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 2121ක් අත්අඩංගුවට..!

ගතවු පැය 24 කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 2kg 232g
අයිස් 769g
ගංජා 178kg 916 g
ගංජා පැල 30550 ක්
ඈෂ් 35kg 89g
මාවා 626g
තූල් මත්ද්‍රව්‍ය 102g
මත්පෙති 3489 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 2121 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 12 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරනු ලබයි

එසේම, සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 133 දෙනෙකු යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *