අස් වැසුමේ ප්‍රතිලාභ පවුල් ලක්ෂ හතරකට..!

අස් වැසුම ප්‍රතිලාභ ලබන ප්‍රමාණය ලබන වසරේ සිට තවත් ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

එ් අනුව ලබන වසරේදී අස්වැසුම ලබන ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 4 කින් පමණ ඉහළ යාමට නියමිත අතර පවුල් ලක්ෂ 24 කට අස්වැසුම හා අනෙකුත් දීමනා හිමිවීමට නියමිතය.

අස් වැසුම හිමි වන පවුල් වල සිටින වකුගඩු , වැඩිහිටි සහ ආබාධිත දීමනාව ලබන සියලු දෙනාට අස්වැසුමට අමතරව එම දීමනා ද ලබා දීමට ද රජය මේ වන විට තීරණය කර ඇත.

රජය මෙම තීරණය ගෙන ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් හා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

මෙලෙස අස්වැසුම ප්‍රතිලාභ ලබන සංඛ්‍යාව ඉහල දැමීම වෙනුවෙන් හා අස්වැසුමට අමතරව අනෙකුත් ප්‍රතිලාභ ගෙවීම වෙනුවෙන් 2024 අය වැයෙන් රුපියල් බිලියන 207 ක් වෙන් කර තිබේ.

ජනවාරි සිට අස්වැසුම ඉල්ලුම්පත් නිකුත් කරන අතර අයැදුම් පත් පරිගණක ගත කිරීමේදී ගියවර වූ තාක්ෂණික දෝෂයන් නිවැරදි කිරීමට අලුත් ක්‍රමවේදයක් ද හදුන්වාදීමට නියමිතය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *