බදු අංකය ගත්තු පිරිස වේගයෙන් වැඩිවෙයි..!

ලක්ෂ 10 ඉක්මවූ පිරිසක් මේ වනවිට බදු අංකය ලබාගෙන හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන මහතා මේ බව සඳහන් කළේ  “Big Focus” වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“අපේ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තිබුණේ ජනවාරි 01 වනදාට 437,547යි. අද වෙනකොට ලක්ෂ 10 ඉක්මවලා තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් ඉලක්ක කරන්නේ ආදායම් විශමතාවයක් තියෙනවා. මේ ආදායම් බෙදී ගිහින් තිබෙන ආකාරය බැලුවොත් ඉහළම ආදායම් ලබන කණ්ඩායම 20%ක් විතර ඉන්නවා. ඒ කණ්ඩායමෙන් සමස්ත ආදායමෙන් 60% වඩා බෙදිලා තිබෙනවා.”

“සියයට 20ක් කියලා කිව්වොත් පුද්ගලයන් ලක්ෂ 50ක් විතර. එතකොට අපේ පළවෙනි ඉලක්කය තියෙන්නේ මේ ලක්ෂ 50 හඳුන ගැනීම. මොකද ඔවුන්ගෙන් තමයි සැබෑ බදු ආදායමක් ලබාගැනීමේ හැකියාව තිබෙන්නේ.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *