රටම උණුසුම් කරමින් පුවත් මැවු යුක්තිය මෙහෙයුම අත්හිටුවීමේ තීරණයක්..!

රට පුරා ක්‍රියාත්මක “යුක්තිය” පොලිස් මෙහෙයුම හෙට (24) අනිද්දා (25) සහ 26 යන තෙදින තුළ තවකාලිකව නතර කිරීමට සිදුවී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ඒ බව පැවසීය.

එසේ “යුක්තිය” මෙහෙයුම නතර කරුණු ලබන්නේ නත්තල් දිනය (25) සහ 26 වනදා යෙදී ඇති පොහොය දිනය හේතුවෙන් පොලිස් නිලධාරීන් යම් යම් විශේෂ රාජකාරී සඳහා යෙවීමට ඇති බැවින් බව නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

ඉන් පසුව යුක්තිය මෙහෙයුම යළිත් ආරම්භ කිරීමට නියමිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

“රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම 17 වන දින සිට 23 වනදා දක්වා මුල් සතිය එනම්, දින 7ක කාලසීමාවක් අපි ක්‍රියාත්මක කළා. මෙය නතර කිරීමේ අදහසක් නැහැ. 25 නත්තල් දිනය විශේෂයෙන් 24, 25, 26 මේ… පොහොය දිනයත් එකට එළඹීමත් සමගම  පොලිස් නිලධාරීන් යම් යම් රාජකාරීවල යෙදීමට අපට සිදුවෙනවා. යම් ආකාරයකට දින කිහිපයකට මෙම මෙහෙයුම් නතර කිරීමට සිදුවුවත් ඉදිරයේදී මෙහෙයුම් නොකඩවා සිදුකිරීමට කටයුතු කරනවා.”

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *