BCMහි විමුක්ති අධිකාරි සහ හේමප්‍රියට රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් ආරාධනාවක්..!

පාර්ලිමේන්තු කමිටුවලට තරුණයින් ඇතුළුවීම ඉදිරි මාස දෙක තුල අනිවාර්යයෙන්ම සිදු වනු ඇත.

ජාතික සභාව තුලින් ඇතිවන අධීක්ෂණ කමිටු සියල්ලටම එක් කමිටුවකට තරුණ තරුණියන් 5 බැගින් ඇතුලත් කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන නිර්ණායක සකස් කිරීම ජාතික සභාව විසින් පසුගිය දා ආරම්භ කරනු ලැබීය.

ඒ කණ්ඩායමේ අරගලය ඇරඹූ අකලංක පොල්වත්තගේ, බුද්ධි ප්‍රබෝදධ කරුණාරත්න, ෂේනු පෙරේරා, කසුන් පුස්සවෙල, නදී වාසලමුදලිආරච්චි, මනෝරම වීරසිංහ, ශෙහාන් මාලක ගමගේ, ලහිරු වීරසේකර, අනුරුද්ධ බණ්ඩාර, සංජීව, වසන්ද මුදලිගේ, නිරාශාන් විතානගේ, දමිත් කේතක, විභීතක පොද්දූවගේ, බුවනෙක සිගේරා, මලෙනි ගුණතිලක, විමුක්ති දුෂාන්ත, අධිකාරි, චමීර දේද්දූවගේ, මනුරි පබසරී වලේබොඩ, එරංග ගුණසේකර, රංගන දේවප්‍රිය, මංජුල සමරසේකර, සමිත් බෝධිපක්ෂ, අමිල ගමගේ, මනෝජ් නානායක්කාර, රුවන් බෝපගේ, නදීෂ් සිල්වා, දිමුතු ඹබරදෙණිය, තාමලී එදිරිසිංහ, ඉෂාරා ජයසේන, විමල් කැටපේආරච්චි, කේ.ඩි. දර්ශන, පැතුම් කර්නර්, හේමප්‍රිය කවිරත්න, විශ්වජිත්, චමිරු, සේනාධි ගුරුගේ, බුද්ධි කුලතුංග, රසික ජයකොඩි ඇතුලු 50 දෙනෙකු වත් කමිටු සඳහා පත්වනු දැකීම මාගේ ප්‍රාර්ථනය යි.

තරුණ නොවුනත් විදර්ශන කන්නගර, පාලිත, ශාන්ත විජේසූරිය, හර්ෂනී ලා ද එහි සිටිය යුතුමය.

දානිස් අලි, චමිදු රන්දිමාල් ගමගේ, යසේන්ද්‍ර විජේවර්ධන ඇතුළු අරගලය අල්ලා ගෙන සිටි කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ හැප්පෙන්නට අවස්ථාවක් හිමි විය යුතුය.

තරිදු උඩුවරගෙදර ඇතුළු තරුණ ජනමාධ්‍යෙව්දීයෝ ද, යූ ටියබර්ස් ලා ද, ජනමාධ්‍ය පිළිබඳ කමිටුව නියෝජනය කළ යුතුයි.

ශාමලී පතිරගේ සෞඛ්‍ය කමිටුවට යන රටක් වඩා යහපත් වනු ඇත.

කලා හා සංස්කෘතික අධික්ෂණ කමිටුව අරගලයට පණ දුන් ජෙහාන් අප්පුහාමි, දුලීකා මාරපන, පිටර් අල්මේදා (වයස නොදනිමි) ඇතුළු කලාකරුවන්ගේ නියෝනයක් සිදු විය යුතුය.

මේ අය කුමන පක්ෂයක්, පාටක්, සංවිධානයක්, කණ්ඩායමක්, ජාතියක්, ආගමක් නියෝජනය කලත් මට කමක් නැත. අනාගතයේ කොයි කඳවුරේ සිටියත් මට කමක් නැත.

දමිතා අබේරත්න, රැට්ටා, මෝටිවේෂන් අප්පච්ච ඇතුළු පිරිස ද, සජබ (චමත් වැනි), එජාප, මුස්ලිම් හා උඩරට ද්‍රවිඩ කණ්ඩායම් දැනටමත් දේශපාලන ගමන් අරඹා ප්‍රධාන ධාරාවේ පක්ෂ සමඟ එක්වෙමින් ඇත. ඔවුන් කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මහනුවර, බදුල්ලෙන් පාර්ලිමේන්තුවට පැමිණෙනු නොවැලැක්විය හැකිය.

පාර්ලිමේන්තුවේ ඇමතිවරුන්. මන්ත්‍රීවරුන්, කමිටු වලින් කැඳවන රාජ්‍ය සේවකයින් ගෙන් මේ තරුණයින් ප්‍රශ්ණ අසනු දැකීම මගේ සතුටයි. විනයක් ඇතිව විකල්ප යෝජනා ඉදිරිපත් කරනු දැකීම මගේ බලාපොරොත්තුවයි.

මේ ලැයිස්තුවේ සිටිය යුතු තරුණ තරුණයින් දුසිමකගේ පමණ මුහුණු මතක ඇතත් නම් මතක නැත. තරුණ නියෝජනය තුලින් තව මාසයක් දෙකක් තුල මේ තරුණ ජවය ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය, විධායකයේ ක්‍රියාකාරකම් ප්‍රශ්න කරනු දැකීම මාගේ ඒකායන පැතුම යි.

තරුණ කෝටාවෙන් පලාත් පාලනයට පැමිණි 20 කට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් (අමරවීර, සම්පත් අතුකෝරල, සහන්, අජිත් රාජපක්ෂ, විරසුමන, අගලවත්ත මංජු, චාමර සම්පත්, ශාන්ත බණ්ඩාර, සනත් නිශාන්ත පෙරේරා, අශෝක ප්‍රියන්ත) බවට පත් විය. දිස්ත්‍රික් සංවර්ධන සභාවෙන් ඇරඹී තරුණයෝ (රවී සමරවීර) ඇමතිවරුන් බවට පත්වූහ. තරුණයින් දේශපාලනයට එන්න නම් ලැබෙන අවස්ථාව පාව්ච්චි කළ යුතුය.

මේ රටේ විපක්ෂයට හෝ වෙනත් කිසිම පක්ෂයක සම්බන්ධ කාඩර්වරුන්ට කළ නොහැකි වූ දේ කළ තරුණ පිරිසක් රටේ සිටී. ඔවුහු තම තමන්ගේ කේෂ්ත්‍රවල අති දක්ෂයින්ය. කොයි පක්ෂයකින් හෝ ස්වාධීනව හෝ ඔවුන් දේශපාලන ගමන ඇරඹිය යුතුය. කමිටු තුලින් ඔවුන්ගේ හඩ මාස 3-4 ක් රටම හදුණාගනු ඇත. ලෝකය වෙනස් කළ හැක්කේ එවැනි තරුණ පරපුරකටමය!

රජිත් කීර්ති තෙන්නකෝන්

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *