එජාපයේ වයර් මාරු වෙලාද..? දිවි හිමියෙන් රනිල්ට වැඩ කළ එජාප ප්‍රබලයන් එළියට දමා ජංගිය පිටින් ගාලු මුවදොර සක්මන් කළ පොහොට්ටු කහදගමලා ඇතුලට ගන්නේ ඇයි..?

එක්සත් ජාතික පක්ෂය 1994 වනතුරු දක්ෂතා සහිත දෙවන පෙළ නායකත්වයක් සමග රටේ පාලන බලය හෙබවූ පක්ෂයක්..

එහෙත් 1994 වසරෙන් පසු රනිල් වික්‍රමසිංහ යටතේ වාර්තාගත පරාජයන් ලබා අවසානයේ එක් මන්ත්‍රීධූරයකට සීමා වූ පක්ෂයක්.

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ගොස් අරගලයට පින්සිදුවන්නට මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ ඔලු ගෙඩි මනාපයෙන් ජනාධිපති ධුරයට පත් රනිල් වික්‍රමසිංහට ඡන්දය දෙන්නට සිතන පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අවධානය පිණිසයි.

ඔබ මෙවර රනිල්ට ඡන්දය දෙන්න හිතන එක්සත් ජාතික පාක්ෂිකයෙක්ද..?
එක්සත් ජාතික පක්ෂයට වඩා පොහොට්ටුවට තැන ලබාදෙන කහදගම වැනි සොර පුද්ගලයන්ට කලාප සංවිධායක තනතුරු ලබාදෙන රනිල් එක්සත් ජාතික පක්ෂ ඔබගෙන් සිතා වී ඇයි ඔබ සිතනවාද..?

කිසිසේත්ම නැත..
රනිල් , රංඟේ බණ්ඩාර ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ වර්තමාන කෘත්‍යාධිකාරි මණ්ඩලයම මේ මොහොත වන විට රාජපක්ෂ සරණ ගොස් ඇත.

රාජපක්ෂවරුන්ට අවශ්‍ය වන පරිදි නටමින් සිටින මේ ගෝස්තිය ඉදිරි ජනාධිපතිවරණය තුළ තීරණාත්මක පරාජයක් ලැබීමට නියමිතව ඇත.

පාරම්පරිකව පක්ෂය වෙනුවෙන් කැපවීම් කළ එක්සත් ජාතික පාක්ෂිකයන් වෙත කුඩම්මාගේ සැලකිලි ලබා දෙන සිදුවීමක් පිළිබඳව අපට තොරතුරු වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසනයේ හිටපු සංවිධායක මෙන්ම අවිස්සාවේල්ල හිටපු සංවිධායකවරයෙකුද වන සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයුර්වේද වෛද්‍යචාර්ය උපුල් මාලේවන තමන්ගේ මාලේවන පරම්පරාව මෙන්ම දැඩි ලෙස එක්සත් ජාතික පක්ෂය සමඟ සමීපව කටයුතු කරන රනිල්වාදියෙකි..

ජනී ජනයාගේ යහපත පිණිස අවිස්සාවේල්ල ප්‍රදේශයේ සිදුවූ සිදුවීමක් අරඹයා රාජපක්ෂවරුන් සමඟ දැඩි ලෙස ගැටුම් ඇති කරගත් උපුල් මාලේවන සමස්ත කොළඹ දිස්ත්‍රික්කය පුරාම එක්සත් ජාතික පාක්ෂිකයන් අතර නොමද ආදරය දිනා ගත් අයෙකි.

එක්සත් ජාතික පාක්ෂිකයන්ට උපකාරයක් අවශ්‍ය වූ විටෙක එම උපකාර සිදු කරන එකම නායකයා උපුල් මාලේවන බව කොළඹ එක්සත් ජාතික පාක්ෂිකයෝ අදටත් කෘතගුණශීලීව විශ්වාස කරති.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උපුල් මාලේවන යනු බලය අහිමිව එක් මන්ත්‍රී ධූරයකට පක්ෂය ඇද වැටුණු මොහොතක පක්ෂයත් පක්ෂ මූලස්ථානයත් පාක්ෂිකයත් රැක බලා ගැනීමට කටයුතු කළ නායකයෙකි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගේ පිළිකුල් සහගත ක්‍රියා කලාපයක් හේතුවෙන් ඔහු සමග දිගින් දිගටම හටගත් මතභේද තත්ත්වයක් මුල් කරගෙන මහලේකම්වරයා උපුල් මාලේවන පක්ෂ සංවිධායක ධූරයෙන් අත්තනෝමතිකව ඉවත් කිරීමට කටයුතු කළේය.

එපමණක් නොව ජනාධිපති මාධ්‍ය අංශය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රවර්ධනය උදෙසා තම වැටුපට උපරිම සේවය ලබාදෙමින් සිටි මාලේවන මහතාගේ ඥාති සහෝයුරෙකු අත්තනෝමතිකව ජනාධිපති මාධ්‍යංශයෙන් ඉවත් කිරීමටද රංගේ බණ්ඩාර අත්තනෝමතිකව අතපොවා ඇති බව නොරහසකි.

රංගෙට මේ තරම් රිදෙන සිදුවීම මොකද්ද..?

කැස්බෑව ආසනයේ කාන්තා මන්ත්‍රී පුරප්පාඩුවක් පැමිණි මොහොතක ඒ සඳහා පක්ෂය වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ පිය උරුමයෙන් දේශපාලනය කරන චාන්දනී පතිරගේ නැමති කොට්ටාශ සංවිධායිකාව උපුල් මාලේවන ආසන සංවිධායකවරයා විසින් එම මන්ත්‍රී ධූරය සඳහා යෝජනා කරන ලදී. එහෙත් මහලේකම්වරයාගේ අභිප්‍රාය වූයේ ඒ සඳහා තම යටිතල පහසුකම් සපුරා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දෙන 2015දී පමණ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වූ සුජීවනී නානායක්කාර නමැති කාන්තාව පත්කිරීමය.
අවසානයේ මහ ලේකම්වරයා අත්තනෝමතිකව කැස්බෑව ආසනය තුළට ආසන සංවිධායකවරයාගේ බලයට අභියෝග කරමින් සුජීවනී නානායක්කාර හට මන්ත්‍රීධූරය ලබා දුන් අතර ඇය එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේ පොහොට්ටු පළාත් පාලන ආයතන සභාපතිවරයා ඉදිරියේ වීමම එක්සත් ජාතික පක්ෂයට වර්තමානයේ අයත්ව ඇති ඉරණම සමස්ත ලෝකයටම නිරාවරණය කරමිනි.

මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන ජනාධිපතිවරයාගේ හිතමිත්‍ර සාගල රත්නායක වැනි පුද්ගලයන්වද ලිඛිතව දැනුවත් කළත් මහ ලේකම්වරයා සමඟ පහසුවෙන් කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර ගැනීම සඳහා ඔවුන් සියලු දෙනාම ගොළුවන් බිහිරන් සේ වැඩ කටයුතු කර ඇති බව සඳහන්. සාගල රත්නායක අද විසඳන්නම් හෙට විසඳන්නම් ලබන සතියේ විසඳන්නම් නමැති රබර් පන්නයේ කාලය කා දැමීම අරමුණු කරගත් වාචික පිළිතුරු ලබාදෙමින් මෙම ගැටලුව මගහැර ඇති අතර රුවන් විජයවර්ධන ඔහුගේ දුරකථනයට ප්‍රතිචාර නොදක්වා කිසිවක් නොදන්නා තොත්ත බබෙකු ආකාරයෙන් වැඩ කටයුතු කර ඇත.

කෙසේ වෙතත් ආසනයේ මතුවූ එම ගැටලුකාරී තත්ත්වයත් සමග කැස්බෑව ආසනය සඳහා නව සංවිධායකවරයෙකු ලෙස සමන් රත්නප්‍රිය නැමැත්තෙකු පත්කර ඇත. සමන් රත්නප්‍රිය යනු කොළඹ හතරකොන නොදන්නා තොත්ත බබෙකු වෙන නිසාවෙන් රංගෙට සාගලට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීම හැර ඔහුට අන් විකල්පයක් නැත.

කවුද මේ උපුල් මාලේවන.?

1999 වසරේ එවකට අවිස්සාවේල්ල සංවිධායක සුසිල් මුණසිංහ එක්සත් ජාතික පක්ෂය හැර ගිය මොහොතේ සිට එවකට පොදු ජන එක්සත් පෙරමුණු සංවිධායක ඉන්දික ගුණවර්ධනට දැවැන්ත තර්ජනයක් වෙමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා සිය පුද්ගලික ධනය කාලය ශ්‍රමය වැය කරමින් වැඩ කටයුතු සිදුකළේ උපුල් මාලේවන මහතාය. එවකට අවිස්සාවේල්ල ආසනය තුළ ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වය මධ්‍යයේ වුවද ප්‍රතිවාදීන්ගේ T56 වැඩි උණ්ඩ වලට ගොදුරු වෙමින් වාහන පවා විනාශ කරගනිමින් අවිස්සාවේල්ල ආසනය තුළ එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීම් සිදුකළේ උපුල් මාලයවන පමණි. මැරවරයන්ගේ පහරදීම් නිසා අදටත් ඔහුගේ පුද්ගලික රියදුරා එම පහරදීම් නිසා ඇස් වල වීදුරු කටූ රඳවාගෙන ඉතා අපහසු දිවියක් ගත කරන බව සඳහන් කළ යුතුය.

අකරවිට ප්‍රදේශයේදී තම හිසට වෙඩි තබා තමාව ඝාතනය කිරීමට උත්සාහ කළද දෛවයේ වාසනාවට තමන්ගේ ජීවිතය බේරා ගත් උපුල් මාලේවන කිසි දිනෙක එම තර්ජන ගර්ජන නිසා එක්සත් ජාතික පක්ෂයට වත් පාක්ෂිකයාටවත් පිටුපෑවේ නැත.

“එවකට කොස්ගම ප්‍රදේශයේ බාලවයස්කාර දැරියක් ව්‍යාජ සහතික සකස් කර මැද පෙරදිග බලා පිටත් කර රජමාලිගාවක ගණිකා සේවයේ නිරත කරවීමේදී ඇය මියගිය ආන්දෝලනාත්මක සිදුවීමේදී එම දැරිවියගේ සිරුර නැවත ලංකාවට ගෙන ඒම සඳහා සියලු කටයුතු සූදානම් කරන ලද්දේ උපුල් මාලේවන විසිනි.” ඒ සඳහා රන්ජන් රාමනායක මහතාගෙන්ද යම් සහයක් ලැබුණු බව සඳහන් කළ යුතුය. එම සිදුවීම අරභයා පැන නැගුණු ජනතා විරෝධය සඳහා නායකත්වය ලබා දෙමින් එවකට විදේශ කටයුතු ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩිලාන් පෙරේරා හට මෙම වින්දිත දැරිවිය හට යුක්තිය ඉටුකර දෙන ලෙස ඉල්ලා අවශ්‍ය බලපෑම සිදු කරන ලද්දේ ද උපුල් මාලේවන මහතා විසිනි. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හරහා පිළිගත් විදේශ රැකියා ආයතනයකින් මැදපෙරදිග බලා ගිය එම දැරිවිය රාජමාලිගයක් තුළ ඝාතනය කර මාස 06-08ත් අතර කාලයකට පසුවවත් ඇයගේ දේහය මෙරටට ගෙන ඒමට පවා එවකට බලධාරීන් උනන්දු නොවූ බව සඳහන් කළ යුතුම කරුණකි. උද්ගත වූ ජන විරෝධය මත එම ස්ථානයට කිසිදු රජයේ අමාත්‍යවරයෙකුට මන්ත්‍රීවරයකුට පැමිණීමට නොහැකි වූ අතර තම රාජ්‍ය බලයේ උද්දාමයෙන් එම ස්ථානයෙන් ගමන් කිරීමට පැමිණි එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා ගමන් ගත් රථයටද එම ස්ථානයේ සිටි කුපිත වූ ජනතාව විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදුව ඒ සඳහා වූ නඩු කටයුත්තට අදටත් එවකට අවිස්සාවේල්ල ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක උපුල් මාලේවන මහතා සමග නාගරික මන්ත්‍රී ඔල්ගා සහ ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරයෙකු ඇතුළු 17 දෙනෙක් තම පුද්ගලික මුදල් වියහියදම් කරමින් පෙනී සිටින බව රටම දන්නා කරුණකි.

පක්ෂය වෙනුවෙන් පාක්ෂිකයන් වෙනුවෙන් කැපවීම් සිදුකළ උපුල් මාලේවන කවදාවත් මාධ්‍ය සංදර්ශන සඳහා නායකත්වය ලබා දී නැත.

“දිවි හිමියෙන් රනිල්ට වැඩ කළ උපුල් මාලේවන එළියට දමා ජංගිය පිටින් ගාලු මුවදොර සක්මන් කළ කහදගම ඇතුලට ගන්නේ ඇයි..?”

“ජංගි අඳින පිළුණු පොලොස් කන අයවලුන්ගේ ග්‍රහණයට ලක්වූ වර්තමාන එජාපයට අමතක වූ කොට ඇදපු ඇතුන්ගේ කුංචනාදය..!”

උපුල් මාලේවන යනු සැබවින්ම එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහට ආදරය කරන සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයෙකි.

මේ ඒ සඳහා සාක්ෂියක් ලෙස සඳහන් කළ හැකි සිදුවීමකි.

සැ.යු – මෙය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය කඩාගෙන යෑමට පෙර සිදු වූ සිදුවීමකි..

සජිත් ප්‍රේමදාස සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර විරසකය උඩුදුවා ඇති කාල සමයක රනිල් වික්‍රමසිංහ මහතා අපහසුතාවයට පත් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස විසින් බොරැල්ල වෙළඳ සංකීර්ණයේ මුද්‍රණාලයක ඉතා රහසිගතව කැලෑ පත්තරයක් මුද්‍රණය කරමින් තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ එවකට අවිස්සාවේල්ල සංවිධායක උපුල් මාලේවන වෙත තොරතුරු ලැබී තිබුණු අතර ඒ අනුව ව්‍යාපාරික කටයුත්තකට යන අතරමග ඔහුගේ KJ-9005 අංක දරණ ජීප් රථයෙන් එම ස්ථානයට ඔහු ගොස් ඇති අතර දෙවෙනි තට්ටුවේ තිබූ මුද්‍රණාලයට ගොඩ වැද එහි තිබූ පත්‍රිකා පරීක්ෂා කිරීමේදී මඩ පත්‍රිකා මුද්‍රණය කරමින් සිටි පිරිස පලා ගොස් ඇත. පෝස්ටරයේ තිබූ දෝෂ පවා සිය අත්අකුරෙන්ම නිවැරදි කිරීමට කටයුතු කළ සජිත් ප්‍රේමදාස නමැති එවකට හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සමඟ එක්ව මෙම කුමන්ත්‍රණය දියත් කළ ලාල් නැමැත්තා මේ වන විට මිය ගොස් ඇත.

කෙසේ වෙතත් දැඩි පරිශ්‍රමයකින් පසු එහි සිටි බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙක්ව තම ග්‍රහණයට ගත් උපුල් මාලේවන එහි තිබූ ඉතා අශෝභන අන්දමට සකස් කර තිබූ සියල්ලද රැගෙන එවකට විපක්ෂ නායක නිල නිවස වෙත පැමිණි අතර එම සියලු පෝස්ටර් විපක්ෂ නායකවරයාට භාරදීමට කටයුතු කළේය.

පසුදින විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ සිටියදී එවකට නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ නමැති නිලධාරියා උපුල් මාලේවන මහතාව දැනුවත් කළ පරිදි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පරිදි එවකට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක වෙත මේ පෝස්ටර් සියල්ල ලබාදීමට කටයුතු කිරීමයි.

ඒ අනුව එම පත්‍රිකා සියල්ල තිස්ස අත්තනායක වෙත ලබාදීමෙන් පසු ‍නැවත ඒවා මුද්‍රණය කරන බවට වූ පණිවිඩය මත එම මුද්‍රණාලය වෙත උපුල් මාලේවන කඩා වැදී ඇති අතර එහිදී එහි සිටි මැරවරයින් සමග ගුටිබැට හුවමාරුවකට ලක්වීමටද ඔහුට සිදුවී ඇත. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව උපුල් මාලේවන විසින් එම මැරවරයින් පන්නා දමා නැවත පරීක්ෂා කිරීමේදී එම පත්‍රිකාවේ තිස්ස අත්තනායක මහතා සහ කාන්තාවක් සම්බන්ධ කර සඳහන් වූ අටවන ඡේදය ඉවත් කර නැවත මුද්‍රණය කර ඇති බව නිරීක්ෂණය වී ඇත. මේ තුළින් එදත් එවකට මහ ලේකම් තිස්ස අත්තනායක සහ සජිත් ප්‍රේමදාස අතර තිබූ සබැඳියාව ඉතා හොඳින් පැහැදිලි වන නමුත් ඒ පිළිබඳව කිසිදු තීන්දුවක් ගැනීමට ඈලි මෑලි එජාපයට එදා නොහැකි විය..

විපක්ෂ නායකවරයා අපහසුතාවයට පත් කිරීමට සජිත් ප්‍රේමදාස ගෙනගිය සූක්ෂම උපායන් තම ජීවිතය පවා නොතකමින් ව්‍යාර්ථ කළ උපුල් මාලේවනට අද එජාපය කළගුණ සලකන්නේ ජංගිය පිටින් මහ පාරේ ගිය කහදගමගේට සංවිධායක තනතුරු දෙද්දී උපුල් මාලේවනට කිසිදු තනතුරක් නොදී සිටීම තුළ වීම අතිශයින්ම කනගාටුදායක කරුණකි.

වර්තමාන එජාපය තුළ මාලේවන පමණක් නොව ජනතාව සමග සිටින ප්‍රමුඛ පෙළේ ප්‍රබල නායකයන් පවා සිරිකොත ඇතුලේ ලැග සිටින කණ්ඩායමේ කැපිල්ලට නිරන්තරයෙන් ලක්වන්නේ අන් කිසිවක් නිසා නොව එක්සත් ජාතික පාක්ෂිකයන්ට වඩා කොළඹ පොහොට්ටුව වටින නිසා බව එක්සත් ජාතික පාක්ෂිකයන් වටහාගත යුතුව ඇත.

අවසානයට සඳහන් කළ යුතුව ඇත්තේ එක්සත් ජාතික පක්ෂය මෙලෙස දිගින් දිගටම කටයුතු කළහොත් පසුගිය මහ මැතිවරණයේදී ඔවුන් ලබාගත් එක්සත් ජාතික පාක්ෂික ඡන්ද ප්‍රමාණය වත් මෙවර ජාතික මැතිවරණයකදී ඔවුනට නොලැබෙන බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *