පණතක් නැතිව බලයක් නැතිව හිතුමනාපෙට වියදම් කරන ජනසභා මුදල් පණත පැරදුනොත් නැවත ගෙවන්නේ කරුද..? Lankan People සටහනක්..!

ජනමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැයශීර්ෂයට මුවා වෙමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ සාමාජිකයන් හට රැකියා අවස්ථා ලබාදීම සඳහා නිර්මාණය කරන ලද ව්‍යාපෘතියක් පිළිබඳව ඔබ දැනුවත්ද..?

ජන සභා ලේකම් කාර්යාලය ලෙස ජනාධිපති කාර්යාලයේ ස්ථාපිතව ඇති මෙම ව්‍යාපෘතිය සඳහා තවමත් පාර්ලිමේන්තු පනතකින් නිසි අවසරය නොලැබී ඇති පසුබිමක මෙවර අයවැයෙන් වෙන් කරන ලද මිලියන 700ක ප්‍රතිපාදන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන්නේ කුමන පදනමකින්ද යන්න අදටත් ගැටළුවකි..

ජනපදනමක් නොමැති රනිල් වික්‍රමසිංහ හට මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා බලය ලබා දුන්නේ කවුද..?

හැට නම ලක්ෂයක් වූ ජනතාව පසුගියවර තම වටිනා ඡන්දය ලබා දුන්නේ මෙවැනි අරුත්සුන් ව්‍යාපෘතිවලට එරෙහිව බව අද වන විට මොවුනට අමතකව ඇත..

අද වන විට ජනසභා ව්‍යාපාරය තුළ ක්‍රියාත්මක වන කිසිදු ව්‍යාපෘතියක් පිළිබඳව මහජනතාව දැනුම්වත් කර නැත. පසුගිය පෙබරවාරි 10 වැනිදායින් පසුව ඔවුනගේ සමාජ මාධ්‍ය ගිණුම් පවා යාවත්කාලීන වී නැත.

රටේ මහජනතාව ඉතා අසීරුවෙන් දිවිගෙවෙන කාල සමයක අරුත්සුන් ව්‍යාපෘතියක් සඳහා ජනාධිපති වැය ශීර්ෂයෙන් මුදල් වෙන්කරගෙන රාජ්‍ය නිලධාරීන් පවා ඔවුනට අනුයුක්ත කරගෙන මොවුන් නටන මේ නාඩගම පිළිබඳව ජනතාව දැනුම්වත් වීම අත්‍යවශ්‍ය කරුණක් ලෙස අප විශ්වාස කරන්නෙමු.

හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතාට එක්සත් ජාතික පක්ෂය තුළ පුටුවක් ලබාදීම සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය උකස් කරමින් සිටින පසුබිමක මෙම ව්‍යාපෘතියත් එහි දිගුවක්දෝ යන සැකය අප හට ජනිත වේ.

සමාජයේ සිවිල් ව්‍යාපාර රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින මොහොතක එම ව්‍යාපාර සියල්ල නොසලකා හැර සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමුඛස්ථානය ලබාදීම තුළ කරු – රනිල් ලබැඳියාව මැනවින් ප්‍රදර්ශනය වන අතර එවැනි පක්ෂග්‍රාහී සංවිධානයකින් සමාජය තුළ යුක්තිය සාධාරණත්වය නිර්මාණය කරන්නේ කෙසේදැයි යන්න ඔවුන් පිළිතුරු ලබාදිය යුතුම කරුණකි.

අවසාන වශයෙන් අප හට විමසිය යුතුම වූ පැනයක් ඇත.. ඒ අන් කිසිවක් නොව පාර්ලිමේන්තුවේ අනුමත වූ පනතකින් බලය ලබා ගැනීමකින් තොරව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ පාර්ලිමේන්තු පනත පරාජයට පත්වුවහොත් ජන සභා ව්‍යාපාරය සඳහා වියදම් කරන ලද මුදල් නැවත ලබා දෙන්නේ හිටපු කථානායක කරු ජයසූරියද යන්න විමසිය යුතුම කරුණකි..

සාධාරණ සමාජයක් උදෙසා වූ ජනතා ව්‍යාපාරය අන්‍යයන්ගේ සාධාරණය පිළිබඳ සොයා බැලීමට පෙර නිසි අවසරයකින් තොරව ජනතා මුදල් විවිධ ව්‍යාපෘති සඳහා අත්තනෝමතිකව භාවිතා කිරීම කෙතරම් සාධාරණ දැයි යන්න විමසිය යුතුම කරුණකි.

මූලාශ්‍රය – Lankan People Face Book පිටුව

https://web.facebook.com/LankanPeople/posts/pfbid02ZEoCQw8sdQ4ZgpuVrVmfm3ojbsSjktuMmsrqVfrV4vLEHrffoMcUmrar4m9Xj7bHl

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *