ඇටම්පිටිය, උමා ඔය ගැරඬි ඇල්ලේ දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන් වූ පස් දෙනාගෙන් සිව් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, කාන්තා මළ සිරුරු 3ක් සහ පිරිමි මළ සිරුරක් මෙලෙස සොයා ගෙන ඇති බව ය.
මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 21ක්, 19ක් සහ 23ක් වන ඇටම්පිටිය සහ ලිඳුල ප්රදේශයේ පදිංචි තරුණියන් තිදෙනෙකු සහ වයස අවුරුදු 23ක් වන ඇටම්පිටිය ප්රදේශයේ පදිංචි තරුණයෙකි.
සොයාගත් මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා ඇටම්පිටිය රෝහලේ තැන්පත් කර තිබේ.
ඊයේ (ජන. 29) සවස මෙම පිරිස උමා ඔය ගැරඬි ඇල්ලේ දිය නෑම සඳහා පැමිණ ඇත.
අතුරුදන් වී ඇති අනෙක් කාන්තාව සොයා මෙහෙයුම් කටයුතු තවදුරට ත් ක්රියාත්මක බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇටම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.