ජවිපෙට රජයක් පවත්වාගෙන යෑම ගැන කිසිදු අදහසක් නෑ..! සජබ ලොක්කාගෙන් ජවිපෙ හදුන්නෙත්තිට ප්‍රහාරයක්..!

ජාතික ජන බලවේගයට රජයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති බව ඔවුනගේ ප්‍රධානතම ආර්ථික විශේෂඥයා වන සුනිල් හඳුන්නෙත්ති විසින් කරන ලද ප්‍රකාශයකින් පෙනී යන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරණ ණයට ගරු නොකරන බවට හඳුන්නෙත්ති මහතා විසින් ප්‍රකාශ කර ඇති බවද පවසන ඔහු මීට පෙර ජාතික ජන බලවේගයේ ආර්ථික උපදේශකයෙකු වුන අනිල් ජයන්ත විසින්ද මේ ආකාරයේ ප්‍රකාශයක් කර ඇති බවද කියා සිටියේය.

මෙම ප්‍රකාශ වලින් ඔවුනට පැහැදිලිව රටක් පාලනය කරන්නේ කෙසේද යන්න ගැන කිසිදු අවබෝධයක් නොමැති බව මන්ත්‍රීවරයා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් කියා සිටී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *