මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් කැනියන් ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග එහි වාන් දොරටු දෙක විවෘත කිරිමට පියවර ගත් බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.
මෙම ප්‍රදේශයන්ට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ ජලය පිටාර මට්ටමට ඉහල යාමත් සමග එහි වාන් දොරටු දෙක අගල් තුන (03) බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති බවත් ඉදිරියේදිද වැසි පතිත වුවහොත් එම දොරටු දෙක තවත් අගල් කිපයක් විවෘත කිරිමට සිදුවන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
නෝටන්බ්‍රිජ් ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග විමසුරෙන්ද්‍ර ජලාශය (11) දින පස්වරුවේ සිට වාන් දමන බවයි ජලශ භාර ඉංජිනේරුවරුන් කියා සිටියේ.
විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමත් සමග කැළණි ගගේ ජල මට්ටමද ඉහල ගොස් ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසිය.