ද බිස්නස් මෑන් අපේක්ෂක ගැන අහන්න ගිය ස්වාධීන උත්තමයට තරු විසිවෙන උත්තරයක්..!

පොහොට්ටුවේ නිර්මාතෘගේ පවුලට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ රාජපක්ෂ කෙනෙක් හමුවෙන්න පසුගියදාක දැනට ස්වාධීනව ඉන්නවයි කියන කලින් අත පාටියේත් පොහොට්ටුවේත් හිටපු ප්‍රිය-දර්ශනයක් ඇති දේශපාලුතුමෙක් ඇතුළු පිරිසක් ගියා… ගිහිල්ලා උන්නැහේගෙන් බොහොම කාරුණික ඉල්ලීමක් කළාලු. ”සර්” දැන් ඡන්ද සටනත් කිට්ටුයි. අපිටත් ප්‍රශ්නයක් තියෙනවා කාටද සහාය දෙන්නේ කියලා. හැබැයි නෙළුම් මාවතේ ලොක්කා ඉන්නා තුරු අපිට ඒ පැත්ත බලන්න නම් බෑ… ඒ අස්සේ අර බිස්නස් මෑන් ඔබතුමාලගේ අපේක්ෂකයා කියලා ලොකු කතාවකුත් යනවා. ඒ කොහොම වෙතත් අපි ආවේ ඔබතුමාට ඊළඟ මහ පුටු අපේක්ෂකයා වෙන්න කියලා ආරාධනා කරන්න..”

ප්‍රිය-දර්ශනලා එහෙම කීවට වැඩි කලබලයක් නැති ජ්‍යෙෂ්ඨ රාජ-පක්ෂ වැඩි ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඊටපස්සේ ආයෙමත් ප්‍රිය-දර්ශනලා කතා කරන්න පටන් ගත්තා. ”ඔබතුමා අපේක්ෂකයා වුණොත් අපිටත් එතෙන්ට නැවත එන්න පුළුවන්. දැනට අපි ඉන්න අලුත් තැන හිටියට අපිට එතැන දිරවන්නෙ නෑ සර්” එහෙම කියලා ලොකු අඳෝනාවක් කළා.  අන්තිමට ජ්‍යෙෂ්ඨ රාජපක්ෂ දුන්නෙ මේ වගේ උත්තරයක්. ”ඕවා තීරණය කරන්නෙ මම නෙවෙයි පක්ෂය. ඔය වැඩේට නම් ගණනාවක් කියවෙනව. ඔය කියන බිස්නස් උන්නැහේ ඒකෙ ඉන්න බවයි ආරංචිය”… කියලා උත්තර දුන්නම අමුත්තො ටික මුසුප්පුවෙන් ආපහු හැරුණා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *