රට සල්ලි හොයන්න සීයක් කොරියා යති..!

 දකුණු කොරියාවේ රැකියා අවස්ථා හිමිවූ 2024 වසරේ පළමු කණ්ඩායම වන ශ්‍රි ලාංකික තරුණයින් සිය දෙනකු දකුණු කොරියාව බලා අද පිටත්ව යාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දකුණු කොරියා රැකියා හිමිවූ 832 වන කණ්ඩායම වන මෙම පිරිසට නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවී ඇත.

ශ්‍රි ලංකා රජය හා දකුණු කොරියා රජය අතර ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව මෙම රැකියා හිමිවන අතර 2023 වර්ෂයේ  දකුණු කොරියාවේ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 6412 දෙනකු පිටත්ව ගොස් ඇතැයි ද  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *