පසුගියදා කටුනායකදී අරම්භ කළ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාවට අවශ්‍ය කරන මස් අමුද්‍රව්‍ය, මාලු, කුලුබඩු සහ එළවලු 100%ක්ම ලබා ගැනිමට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ වෙළඳපොලෙන් බව එම කර්මාන්තශාලාවේ ආයෝජකයන් වන ගිල්ස් ෆුඩ්ස් ආයතනය මාධ්‍ය නිවේදනයක් යොමුකරමින් පවසයි.
මෙම මස් සැකසුම් කර්මාන්තශාලාව පිහිටුවීමත් සමඟම දකුණු ආසියාවේ පිහිටුවා ඇති සුපිරි මස් සැකසුම් මධ්‍යස්ථානවලින් එකක් බවට පත්විමට හැකි වූ බව පවසන ගිල්ස් ෆුඩ්ස් ආයතනය, ලොව පිලිගත් ඉහළම තත්ව කළමණාකරන ක්‍රම භාවිතා කරමින් අගය එකතු කල (Value Added) මස් ආශිත ආහාර ලොව පුරා බෙදාහැරීම තම මූලික අරමුණ බව එම නිවේදනයේ වැඩි දුරටත් පවසයි.
කටුනායක පිහිටුවා ඇති මෙම දැවැන්ත මස් සැකසුම් කර්මාන්තශාලාව පසුගියදා ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ විසින් නිළ වශයෙන් විවෘත කළ අතර ගිල්ස් හිමිකරුවන්ගේ ව්‍යපාර සගයෙකු වන අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන ඇතුළු පිරිසක් එම අවස්ථාව වර්ණවත් කිරීමට පැමිණ සිටියහ.