කොරෝනා එන්නක් ගන්න බිලියන 13ක ADB ණයක් ගනී..! දේශීය ඖෂධ වලට පරීක්‍ෂණවත් නෑ..

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට රජය සූදානම් වෙමින් සිටී.

ඒ සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1300 ක පමණක් ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකු විසින් එකඟතාවය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන 10ක පමණ නියෝජිතයන් ද සිදු කර ඇති අතර එහිදී මේ සම්බන්ධයෙන් ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර ඇත.

එමෙන්ම ඊට දායක විය හැකි යයි ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබේ.

මුල් වටයේදී ශ්‍රී ලාංකිකයන් ගෙන් සියයට විස්සකට එන්නත ලබා දීමට මැදිහත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර ඇත.

කෙසේ නමුත් කොරෝනා වෛරසය සඳහා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ වර්ග ගණනාවක් මේ වන විටත් ඉදිරිපත් කර ඇති අතර ඒ කිසිවක් අවසන් පරීක්‍ෂණ වාර්තාන් මෙතෙක් නිකුත් කර නැත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *