ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුලත් ත්‍රස්ත විරෝධි පනත සංශෝධන සහිතව 03දා පාර්ලිමේන්තුවට..!

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල  සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ  අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරනු ලැබීමට නියමිත අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ  පනත් කෙටුම්පත ඉදිරිපත් කරනු ලබන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසිනි.

ත්‍රස්ත විරෝධී  පනත් කෙටුම්පත මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවද එහි ඇතැම් වගන්ති වලට විපක්ෂයෙන් එල්ල කෙරුණු චෝදනා හේතුවෙන් පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා ඉවත් කරගනු ලැබීය.

ලබන 3 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ එසේ සංශෝධනය කෙරුණු පනත් කෙටුම්පතයි.

ත්‍රස්ත විරෝධී පනතේ 5(1) 3 වැනි වගන්තිය යටතේ වරදක් කරනු ලබන, අනුබල දෙනු ලබන වූ කුමන්ත්‍රණ කරනු ලබන හෝ පුද්ගලයකු මහාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට අවුරුදු පහළොවක් නොඉක්මන කාලසීමාවක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරිමකට සහ රුපියල් ලක්ෂ 10 ක දඩයකට යටත් විය යුතු බව ත්‍රස්ත විරෝධී පනතේ දැක්වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *