කොන්දක් නැති ජනාධිපතිව අලි සබ්‍රි රූකඩයක් කරගෙන නටවනවා..! උපුල් මාලේවන

රටේ මේ වනවිට උද්ගතව ඇති තත්වය පිළිබදව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සිතාවකපුර නගර සභාවේ විපක්ෂනායක ආයුර්වේද වෛද්‍ය උපුල් මාලේවන මහතා අප සමග මෙලෙස අදහස් දැක්වීය.

එක රටක් එක නීතියක් කියලා බලයට ආපු මේ ආණ්ඩුව අද වෙද්දි සිරිසේන ජනාධිපතිවරයාටත් වඩා පඹයෙක් ගානට වැටිලා තියෙන්නේ. අපේ රටේ අහිංසක ශ්‍රමිකයෝ ලංකාවට එන්න බැරුව අපාදුක් විදිනවා. ඒත් සංවේදි කියාගන්නා අපේ පාලකයන්ට ඒවා වැඩක් නෑ. දුක්විදලා හරිහම්බ කරගෙන ලංකාවට එන අපේ රටේ මින්ස්සුන්ව කෙලින්ම යවන්නේ ගජමිතුරු කල්ලියේ හෝටල් වලට. කොරෝනා ආදායම් මාර්ගයක් කරගෙන තියේන්නේ වර්තමාන ආණ්ඩුවේ ගජමිතුරු කල්ලිය.

දැන් බලන්න යුක්රේන ජාතිකයෝ ලංකාවට ඇවිත් දවස් 05න් ලංකාව වටේ යනවා. වැදගත්ම කරුණ ඒ ආපු පිරිසෙන් 05ක් හෝ 06ක් කොරෝනා ආසාදිතයෝ. එතකොට මේ රට වටේ යන පිරිස අද වෙද්දි පළමු පෙළ ආශ්‍රිතයෝ. නිරෝධායනය වෙනුවට අද ඔවුන් රට වටේ යනවා.

ලංකාවේ අහිංසක අම්මා තාත්තා කෙනෙක්ට කොරෝනා හැදුනාම අපරාධකාරයෙක්ව කුදලගෙන යනවා වගේ මාධ්‍යවේදියෝ ගිහින් වාර්තා කරනවා. හැබැයි යුක්රේන ආශ්‍රිතයෝ රට වටේ යද්දි කොම්බු නාලිකාවයි අනිත් නාලිකාවයි නිහඩයි.

වර්තමාන ජනාධිපතිවරයා ජොතිපාල කැසට් ගැහුවට වඩා ගැසට් ගහලා. ඔහු දන්නේ යම් තැනකට ගිහින් කාටහරි කෑගහලා කෝල එකක් ගහලා කොළඹ ඇවිත් ගැසට් එකක් ගහන්න විතරයි. සේනා දළඹු උවදුර මැඩලන්න එතනට ගිහින් කෑගහලා ඇවිත් ගැසට් එකක් ගහන්න යනවලු සේනා දළඹුවන්ට යන්න කියලා..

දැන් බලන්න මේ භුමදාන ආදාහන කතාව. මතක තියාගන්න මේක ජාති ආගම් ප්‍රශ්ණයක් බවට පත්කලේ කොන්ද පණ නැති ජනාධිපති ගෝඨාභය. ගෝඨාභයට තමන්ගේ අධිකරණ ඇමතිව පාලනය කරගන්න බැරිඋනා. අධිකරණ ඇමතිවරයා ගෝඨාබයව පඹයෙක් කලා. අවසානයේ සෞඛ්‍ය අංශ විසදන්න ඕන ප්‍රශ්ණයක් ජාතිය ආගම පදනම් කරගත්ත ප්‍රශ්ණයක් බවට පත්උනා.

අද ලෝකෙම කොරෝනා වෛරසය ගැන පර්යේෂණ වැඩි කරලා තියෙනවා එහි නව වෛරස ප්‍රබේදයන් සමාජගතවීමත් එක්ක ඇතිවෙන්න පුළුවන් තත්වයත් එක්ක. ඒත් අපේ රටේ ගුවන් තොටුපලවල් ඇරලා ලෝකෙ වටෙන්ම සංචාරකයෝ ගේනවා විතරක් නෙමෙයි මේ අල්ලපනල්ලේ කොරෝනා නිසා මියගිය දේහ භුමදානය කරන්න අවසර දෙන්න යනව කියන්නේ මේ විෂබීජ අනාගත පරපුරටත් දායාදයක් විදියට බූගත කරන එක තමයි මෙයාලගේ අරමුණ.

ඔය භුමදානය කරන්න යන පැතිවලට මාසයක් වහින්නේ නෑ කියලා කාටද සහතික කරන්න පුළුවන්..? වැස්සහම ඔය විෂබීජ භූගත ජලයට එකතුවෙලා රටපුරා විසිරුනාම අපි කොහොමද ඒක පාලනය කරන්නේ. ලෝකයේ තත්වයට වඩා ලංකාවේ භුගත ජල ඝනත්වය වැඩියි. ඒක මේ පාලකයන්ට තේරුම් ගන්න මොලයක් නෑ.

රට බේරාගන්න බලයට ආපු ගෝඨාභයගේ කුරුණෑගල නගරාධිපතිවරයා ඔන්න ඊයේ උද්‍යානයක් වනසලා. 69 ලක්ෂයේ මිනිස්සු අද අනාත වෙලා ඉන්නේ මේ වැඩ නිසා. මාධ්‍ය කියපු කතන්දර වලින් ඔවුන් බලාපොරොත්තු උනේ හිට්ලර් කෙනෙක්. හැබැයි වැඩකරද්දි තේරෙනවා ඔවුන්ට ලැබිලා තියෙන්නේ චාලි චැප්ලින් කෙනෙක්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *