ආණ්ඩුව හිපියෝ ගේනවා..! කොළඹින් කොරෝනා විකෘති ප‍්‍රභේද ආසාදිතයන් හමුවේ.. රටම අවදානමේ..

කොරෝනා වෛරසයේ විකෘති ප‍්‍රබේදයන් ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු කොළඹ නගර සීමාවෙන් හඳුනාගෙන ඇත.

ඒ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකර තවදුරටත් අනාරක්ෂිතව හැසුරුනොත් කොරෝනා තුන්වන රැල්ලක් ඇති වීම අනිවාර්යෙන්ම සිදුවුණු ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.

ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිදුකරන පරීක්ෂණ වලිනි.

විකෘති ප්‍රභේදයන් සහිත ආසාදිතයන් දෙදෙනාගේ සමීපතමවන් සොයා පරීක්ෂණ සිදු කරමින් සිටියි.

හැකිතාක් දුරට ජනතාව සමඟ සමීප වීම අඩු කරන ලෙසත් සංචාරකයන් ගෙන් ඈත් වී සිටින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඉදිරි දිනවල දී කොළඹ නගර සීමාව තුළ ජනතාවට රැස්වීම් සීමා කිරීමට සෞඛ්‍ය අංශ දැඩිව සලකා බලමින් සිටී.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *