පළාත් සභා තිබ්බොත් ආණ්ඩුව දැඩි පසුබෑමක..! සමීක්ෂණ වාර්තාවක් කියයි..!

මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් එය පොදුජන පෙරමුණ අපේක්ෂා නොකරන අන්දමේ පරාජයකට ඇද දමනු ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් තහවුරු වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ජනතාව රජය පිළිබද දැඩි කළකිරිමෙන් සිටින බවත් පසුගිය පළාත් සභා මැතිවරණයේදි එවකට ආණ්ඩුව ලද පරාජය හා සමාන පරාජයක් මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුව ලබන බව එම වාර්තාවේ වැඩිදුරටත් සදහන්.

පසුගිය දිනෙක දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය වන පරිදි ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක් මගින් පැවැත්වු ජනමත සමීක්ෂනයක් මගින් මේ කරුණු සනාථ වී ඇති අතර මෙහි වාර්තාව ගෝඨාභය ජනාධිපතිවරයාට සහ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට බාරදී ඇති බව සදහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *