කොරෝනා හැදෙන්නේ පොඩි මිනිහට විතරමද? ගම්පහ ඇමතිට මාධ්‍යවේදි පිළිතුරක්..!

දැන් අර තඩි බඩක් තියෙන සියනෑවේ ඇමතිවරයා කියන විදියට කොරෝනා විෂබීජ ශරිරයකට ඇතුළු වෙන්න කලින් පරික්ෂා කරලා බලනවා ඇති මේ කවුද? මොනවද කරන්නේ කියලා..

ඇයි මෙහෙම මෝඩ කතා අමාත්‍යවරු කියන්නේ. රටේ නීතිය තමන්ට අදාල නෑ කියලා නේද මෙයාලා මේ කියන්නේ..? පොඩි මිනිහට විතරයි නීතිය. මොකක්ද මේකේ තේරුම..?

එක රටක් එක නිතියක් කියන කරුණ වර්තමාන ජනාධිපතිවරයා අලි සබ්රිගේ බසට අවනත වෙමින් පඹයෙක් සේ කටයුතු කරන නිසාවෙන් විහිළුවක් බවට පත්ව ඇතැයි තමන් වාහනයේ යනවිට මුඛ ආවරණයක් නොපළදින බවත් වාහනයේ රියදුරා පමණක් අනිවාර්යයෙන්ම මුඛ ආවරණයක් පැළිදිය යුතු බවට ගම්පහ දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු සිදුකරනු ලැබු ප්‍රකාශය සමබන්ධයෙන් අදහස් දක්වමින් IMP Media Solutions ආයතන ප්‍රධානි මාධ්‍යවේදි ඒ.එම්.ඒ.ජි අධිකාරි මහතා ප්‍රකාශ කර සිටි.

අද ලංකාව මිනිස්සුන්ට කන්න නෑ. කොරෝනා රට වටේ පැතිර යනවා. නව ප්‍රබේද හදුනගන්න උපකරණ නෑ ලංකාවේ. තත්වය එහෙම වෙද්දි මෙයාලා ගුවන් තොටුපල විවෘත කරලා ශ්‍රි ලංකාවම කොරෝනා ගම්මානයක් බවට පත්කරන්නද මේ උත්සහ කරන්නේ..?

MCC ගිවිසුම මොලෙන් පරාද කළා කියන උන්දලා අද වෙද්දි ඉඩම් පණතට ප්‍රතිසංස්කරණ ගෙනල්ලා ඒ ගිවිසුම හොර රහසේ ශ්‍රි ලංකාව තුල ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා. ඇත්තටම ලැජ්ජා වෙන්න ඕන මේ ආණ්ඩුව දේශප්‍රේමි සිංහල ලේබලය ගහගෙන මේ කරන වැඩ පිළිබදව.

යුක්රේනයෙන් එන විදේහිකයන්ගෙන් ලංකාවේ අයට කොරෝනා බෝ වෙනවද කියලා බලන්න ට්‍රයල් එකක් විදියටලු අර එන විදේශිකයෝ ටික එන්නේ කියලා රාජපක්ෂවරයෙක් කියපු කතාවෙන්ම පේනවා මෙයාලගේ බුද්ධි මට්ටම. ජනතාවට බුදු සරණයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ යැයිද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *