ඉරාන ජනාධිපති හමුවෙන්න ඉල්ලුවත් වෙලාවක් දුන්නෑ..! සජිත් ඉරානයට ලියයි..!

ඉරාන ජනාධිපති ඊබ්‍රාහ්ම රයිසි මහතාගේ  ශ්‍රී ලංකා එක්දින සංචාරය අතරතුර ඔහු හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැමැත්තෙන් සිටි බව විපක්ෂ නායක කාර්යාලය විසින් ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් විපක්ෂ නායක කාර්යාලය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනය

ඉරාන ජනාධිපති ආචාර්‌ය ඊබ්‍රහිම් රයිසි මැතිතුමා වෙනුවෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට විපක්ෂ නායකතුමා සහභාගි නොවීම පිළිබඳව වැරදි මතවාදයක් සමාජගත කිරීමට ආණ්ඩු හිතවාදී මාධ්‍ය දරණ දේශපාලනික උත්සාහය තරයේ හෙලා දකිමු.

ඉරාන ජනාධිපතිතුමාගේ  ශ්‍රී ලංකා සංචාරය අතරතුර එතුමා හමුවීමට විපක්ෂ නායකතුමා කැමැත්තෙන් සිටින බව විපක්ෂ නායක කාර්යාලය විසින් ඉරාන තානාපති කාර්යාලය දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.

එසේ තිබියදී ඇතැම් මාධ්‍ය මගින් සිදුකරන මාධ්‍ය මෙහෙයුම් මගින් ඉරාන ජනාධිපතිතුමාට විරෝධය දැක්වීමක් ලෙස රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි නොවු ලෙස හුවා දැක්වීමට උත්සහ දැරීම පදනමකින් තොර කරුණකි.

විපක්ෂ නායකතුමා භෝජන සංග්‍රහයට සහභාගි වූයේ නම් එය “රනිල්-සජිත් දේශපාලන ඩීල් එකකට සූදානම්” යැයි අවලාදයක් ද නිර්මාණය කොට එළි දැක්වීමට මෙම මාධ්‍ය මෙහෙයුම්කරුවන් සූදානම්ව සිටි බව ද අනාවරණය වීම මෙම තීරණය ගැනීමට තවත් හේතුවක් වූ බව ද සඳහන් කරමු.

සමගි ජන බලවේගය ලෙස ගරු ඉරාන ජනාධිපතිතුමා සහ ඉරාන ජනතාවට  ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව පවත්වනු ලබන මිත්‍රත්වය අපි සැමදා අගය කර සිටිමු.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *